slc
logo
Home   |    News
සැප්තැම්බර් 5, 2025
පූර්ණලාගෙන් සුපිරි පන්දු යැවීමක්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැගී එන කණ්ඩායම් අතර අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තවත් තරග දෙකක දී ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය කුරුණෑගල තරුණ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් අත්කර ගත්හ. ඒ හැරුණු කොට දිනයේ සුවිශේෂී දක්ෂතා අතර පානදුර ක්‍රීඩා සමාජයේ දුරන්ක සිල්වා නොදැවී රැස් කරන ලද ලකුණු 104 පිත්තෙන් කැපී පෙනෙද්දී පොලිස් ක්‍රීඩා සමාජයේ පූර්ණ සුලක්ෂණ ලකුණු 44 ක් ඇතුළත දවා ගන්නා ලද කඩුලු 8 ත් ලියෝ කණ්ඩායමේ පූර්ණ කල්හාර ලකුනු 25 කට දවා ගන්නා ලද කඩුලු 6 ත් කැපී පෙනිණ.

දිනයේ එකම ශතක ලාභියා වූ දුරන්ක සිල්වා ලියෝ ක්‍රිකට් කණ්ඩායම සමග නොදැවී ලකුණු 104 ක් ලබා ගනිද්දී පූර්ණ සුලක්ෂණ කුරුණෑගල තරුණ කණ්ඩායමට එරෙහිව සහ පූර්ණ කල්හාර පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව සිය පන්දු යැවීමෙන් කැපී පෙනුනහ.

පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රථම දිනයේ කඩුලු 9කට රැස් කළ ලකුණු 303ට පිළිතුරු ලෙස කුරුණෑගල තරුණ කණ්ඩායම අද (05) උදෑසන මුල් ඉනිම සඳහා රැස් කළේ ලකුණු 159ක් පමණකි. කුරුණෑගල තරුණ කණ්ඩායම ලකුණු 159කට දැවී යාමට ප්‍රධානම හේතුව වුයේ පොලීසියේ පූර්ණ සුලක්ෂණ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 44කට කඩුලු අටක්ම දවාලීමෙනි.

කුරුණෑගල තරුණ කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී ලකුණු 144කින් පිටුපසින් සිටීමේ හේතුවෙන් ඔවුනට ඉනිමක පරාජයෙන් බේරීමට නැවත වරක් දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන ලෙස පොලීසිය ඇරයුම් කළේය.

 දෙවන දින (05) තරගය නිම වන විට ඔවුන් කඩුලු හතකට ලකුණු 187ක් ලබා දෙවන ඉනිමේ දීතවත් කඩුලු තුනක් පමණක් ඉතිරිව ලකුණු 44ක් පමණක් ඉදිරියෙන් පසු විය. පොලීසියට අත්කර ගැනීමට තිබු පහසු ජයග්‍රහණයට කාලවේලාව හරස් විණි.

පාණදුර ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් කණ්ඩායම අතර තරගයේ දී ලියෝ කණ්ඩායමේ  පූර්ණ කල්හාර ලකුණු 25කට කඩුලු හයක් දවාලීමෙන් පාණදුර ප්‍රථම ඉනිම ලකුණු 94කට සීමා විණි.

 ලියෝ ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී ලකුණු 171ක් රැස් කර ප්‍රථම ඉනිමේ දී ලකුණු 77කින් ඉදිරියෙන් පසු විය. ප්‍රථම ඉනිමේ දී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් සිදු කළ වරද නැවත සිදු නොකළ පාණදුර පිතිකරුවන් ප්‍රථම දින (05) තරගය නිම වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 162ක් රැස් කර සිටියේය.

 ආරම්භක පිතිකරු දුරන්ක සිල්වා වේගවත් පිතිහරඹයක නියැළෙමින් දිනය නිම වන විට නොදැවී ලකුණු 104ක් රැස් කළේ පන්දු 93කට පමණක් මුහුණ දී හතරේ පහර 12ක් සහ හයේ පහර හයක් සමගය.

 ප්‍රථම කඩුල්ලට කවිඳු අමමෙත් ලකුණු (21) සමග දුරන්ක සිල්වා පන්දුවාර 20.3ක දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101කි.

  • පොලිස් ක්‍රීඩා සමාජය – කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය (පොලීසියට පළමු ඉනිමේ ජය) 

 පොලීසිය පළමු ඉනිම කඩුලු 9ට 303යි (පන්දුවාර 84.1යි)

 (රශ්මික හිරුෂාන් පෙරේරා 114, සංගීත් ශෙහාර 52, ධනුජ ඉඳුවර 42, ඉරුෂ ආකාෂ් 33, විදුන විජේබණ්ඩාර 24, වතිල උදාර 72/3, ගයන වීරසිංහ 28/2, දිනුක තෙන්නකෝන් 88/2)

 කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 159යි (පන්දුවාර 55.5යි)

  (වතිල උදාර 43, කවිඳු ඒකනායක 35, ගයන වීරසිංහ 21, ලක්වින් අබේසිංහ 16, සත්සර ගමගේ 14, පූර්ණ සුලක්ෂණ 44/8, භාතිය සංදීප 43/2)

 කුරුණෑගල තරුණ දෙවන ඉනිම තරගය නිම වන විට කඩුලු 7ට 187යි (පන්දුවාර 37යි)

 (ලක්වින් අබේසිංහ 60, රශ්මික මධුශංක 25, වතිල උදාර 26, අමේෂ් තෙන්නකෝන් නොදැවී 23, ගයන වීරසිංහ 16, සත්සර ගමගේ 16, රශ්මික හිරුෂාන් පෙරේරා 29/2, ශෂික මල්ෂාන් 19/1)

  • පාණදුර ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය (කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී)

පාණදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 94යි (පන්දුවාර 24.2යි)

 (දුරන්ක සිල්වා 25, කවිඳු අමමෙත් 17, කාංචන ඩි ලිවේරා 15, සසිඳු මල්ෂාන් 13, පූර්ණ කල්හාර 25/6, ගිත්මින් කොළඹගේ 11/2, ඕෂද ගිම්හාන් 22/2)

 ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 171යි (පන්දුවාර 33.4යි)

 (විශ්ව රාජපක්ෂ 43, ස්ටීවන් ප්‍රනාන්දු 37, රමිත් බණ්ඩාර 26, පූර්ණ කල්හාර 18, ඕෂද ගිම්හාන් 17, සෙනිත හැළඹගේ 65/4, මෙවිඳු කුමාරසිරි 34/3, විශ්ව ළහිරු කුමාර 71/2)

 පාණදුර ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 1ට 162යි (පන්දුවාර 31)

(දුරන්ක සිල්වා නොදැවී 104, චාර්ය පරණවිතාන නොදැවී 29, කවිඳු අමමෙත් 21, නෙත්ම කරුණාරත්න 32/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar