slc
logo
Home   |    News
නොවැම්බර් 8, 2025
පාකිස්තානයේ තරග ජය‍ෙන කණ්ඩායමේ විශ්වාසය ගොඩනඟනවා

sinhala editor

–  නායක චරිත් අසලංක

පාකිස්තානයේ පැවැත්වෙන එක්දින තරගාවලිය සහ විස්සයි20 තුන්කොන් සටන අභියෝගාත්මක එකක් වුවත්, තරගාවලි දෙකම ජයගෙන කණ්ඩායමේ විශ්වාසනීයත්වය ගොඩනඟා ගැනීමට උපරිම උත්සහයක් දරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක පැවැසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ පාකිස්තානය බලා පිටත්වූ අතර, එයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී චරිත් අසලංක මේ බව පැවැසීය. එක්දින සහ විස්සයි20 කණ්ඩායම් දෙකේම නායකයා ලෙසින් චරිත් අසලංක කටයුතු කරන අතර, ඔහු සමඟ සියලු ක්‍රීඩකයින් පිටත්ව යෑමට පෙර ආගමික වතාවත්වල නිරත වූහ.

“පාකිස්තානය හොඳ කණ්ඩායමක් හොඳින් ක්‍රීඩා කරන රටක්. අනික පාකිස්තානයේ තරගාවලිය පැවැත්වෙන නිසා මෙහි අභියෝගය වැඩියි. පහුගිය එක්දින තරගාවලදී අපි හොඳින් ක්‍රීඩා කර තියෙනවා. මේ වගේ රටකට ගිහින් ජයග්‍රහණයක් අරන් එනවා කියන්නේ ලොකු දෙයක්. අපේ කණ්ඩායමේ විශ්වාසයට වැදගත්. සමබර කණ්ඩායමක් ඉන්නවා.  තනි තනිව ක්‍රීඩකයින්ගේ කුසලතා උඩට අරගෙන කණ්ඩායමෙන් උපරිම දේ ලබා ගන්න බලාපොරොත්තු වෙනවා“ අසලංක පැවැසීය.

පාකිස්තානය බලා පිටත්වන කණ්ඩායම් දෙකේම වෙනස්කම් කීපයක් සිදුකර ඇති අතර, නවක ක්‍රිඩකයින් කිහිප දෙනකුටම අවස්ථාව සලසා ඇත.  වනිඳු හසරංග යළි එක්දින කණ්ඩායම සඳහා එක්කර ඇති අතර, මේ හේතුවෙන් කණ්ඩායමේ සමබරතාව යථා තත්ත්වයට පත්ව ඇත. ළහිරු උදාර, කමිල් මිශාර, ප්‍රමෝද් මධුශාන් සහ එෂාන් මාලිංග පිළිබඳව තේරීම් කමිටුව විශ්වාස තබා තිබේ. එක්දින කණ්ඩායමට ඇතුළත්ව සිටි නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, මිලාන් රත්නායක සහ දුනිත් වෙල්ලාලගේට සිය ස්ථාන අහිමිව තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ, පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත සහ වේග පන්දු යවන්නන් යුගලක් වන එෂාන් මාලිංග සහ අසිත ප්‍රනාන්දුව එක්කර ඇත. ආසියානු කුසලාන තරගාවලියට එක්ව සිටි චාමික කරුණාරත්න, නුවනිඳු ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකින්ට ස්ථාන අහිමිව තිබේ.

නොවැම්බර් මස 11, 13, සහ 15 යන දිනවලදී එක්දින තරග 3 ම රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 තරගාවලියේ පළමු තරගය හැර අනෙක් තරග සියල්ලම ලාහෝර්හිදී පැවැත්වෙනු ඇත. එම තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 29 වැනිදා ලාහෝර්හිදී පැවැත්වෙනු ඇත.

හ්‍රී ලංකාව බලා පිටත්වන එක්දින හා විස්සයි20  කණ්ඩායම් මෙසේය

එක්දින – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි, දුෂ්මන්ත චමීර, අසිත  ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, ඩිල්ෂාන් මදුශංක.

විස්සය20 – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිල් මිශාර, දසුන් ශානක (උප නායක), කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, එෂාන් මාලිංග.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee