slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2025
ලෝක කුසලාන ක්‍රිකට් සංවිධානය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් – ජනාධිපති ලේකම්වරයා අතර සාකච්ඡාවක්

sinhala editor

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය සහිතව පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් 2026 තරගාවිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සහ ජනාධිපති ලේකම් ආචාර්යය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේදී ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී පැවැත්විණ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීට නියමිත තරග ඉතා ප්‍රශස්ථ මට්ටමින් පැවැත්වීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමු විය. මෙහිදී මෙම තරගාවලිය නැරඹීම සදහා මෙරටට පැමිණෙණ විදෛ්ශ ප්‍රේක්ෂකයින් මුහුණ දෙන ආගමන විගමන ගැටලු කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණ. ඊටත් අමතරව මෙම තරගාවලිය පැවැත්වීමේදී රටේ ආර්තිකයට ඇතිවිය හැකි සුභාවාදී බලපෑම සහ උත්පාදනය විය හැකි නව ආර්තිකමය අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුව, ඉතා ප්‍රශස්ත මට්ටමින් අදාළ තරගාවලිය මෙරට තුළ පැවැත්වීම සම්බන්ධව මෙන්ම, මෙරටට පැමිණෙන විදේශීය ප්‍රේක්ෂකයන් මුහුණ දෙන ආගමන හා විගමන ගැටලු කෙරෙහිද මෙහිදී  අවධානය යොමු කෙරිණි.

එසේම, මෙම තරගාවලිය හේතුවෙන් රටේ ආර්ථිකයට ඇති විය හැකි සුබවාදී බලපෑම සහ උත්පාදනය විය හැකි නව ආර්ථිකමය අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙම තරගාවලිය කොළඹ සහ පල්ලේකැලේ පිහිටි ක්‍රීඩාංගණ තුනක් කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම තරගාවලිය සඳහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ දායකත්වය ලබා ගැනීම  පිළිබඳවද එහිදී අවධානයට යොමු විය.

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 07 වන දා සිට මාර්තු 08 වන දා දක්වා කාලය තුළ පැවැත්වේ. රටවල් 20ක් මෙම තරගාවලිය සඳහා සහභාගි වන අතර, එම රටවල් අතර පැවැත්වෙන තරග විස්සක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ලේකම් බන්දුල දිසානායක සහ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන මහත්වරු එක්වී සිටියහ. ඊට අමතරව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ක්‍රීඩා) ලුතිනන් කර්නල් අනුර අබේවික්‍රම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුන් සහ අදාළ අමාත්‍යාංශවල නිලධාරීන්, සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee