slc
logo
Home   |    News
නොවැම්බර් 17, 2025
චරිත් සහ අසිත නැවතත් ශ්‍රී ලංකාවට – පවන් විස්සයි-20 සංචිතයට

sinhala editor

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් තරග වදිනු ලබන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා නවක ක්‍රීඩක මැද පෙළ පිතිකරු පවන් රත්නායකව විස්සයි-20 කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළ තිබේ. උණ රෝගයෙන් පෙළෙන නායක චරිත් අසලංක වෙනුවට 23 හැවිරිදි යෞවනයා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.

කෙසේ වෙතත් අසනීප තත්ත්වයේ පසුවන චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාවම නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව චරිත් අසලංක නොමැතිවීම නිසා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය උප නායක දසුන් ශානකට හිමිව තිබේ. ක්‍රීඩකයින්ගේ පූර්වාරක්ෂාව පිළිබඳව තීරණය කරමින් අනාගත තරගාවලිවලට අවධානමක් ලබා ගැනීමට වඩා ශරීර සුවතාවය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මොවුන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

පාකිස්තානයට එරෙහිව ඉකුත් ඉරිදා (16 වැනිදා) සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගිවුණු පවන් රත්නායක, ලකුණු 32 ක් වාර්තා කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමෙන් පසු ඔහු පිළිබඳව තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව ඔහු එක්දින තරගාවලියෙන් අනතුරුව විස්සයි-20 කණ්ඩායම සමගින් දිගටම කණ්ඩායමේ රැදී සිටිනු ඇත.

අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි පවන් එහිදී පිඩනය දරා ගනිමින් පන්දුවට පහර දීම, ඔහුව විස්සයි-20 කණ්ඩායමට කැඳවීමට ආසන්නතම හේතුව වී තිබේ. කෙසෙ වෙතත් පවන්ගේ දේශීය අන්තර් සමාජ විස්සයි-20 තරග වාර්තා ගත් විට ඔහු එතරම් කැපී පෙනෙන දස්කම් දක්වා නොමැති බව පෙනී යයි. විස්සයි-20 තරග 32 කට ක්‍රීඩා කර ඇති දකුණත් යොවුන් පිතිකරුවා මුලු ලකුණු 245 ක් රැස් කරගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 12.25 ක් රඳවා තබා ගනිමිනි. ඔහුගේ ලකුණු රැස් කිරීමේ වේගය 101.23 ක් ලෙස සටහන් වේ.

තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව පළමුවෙන්ම එළැඹෙන බ්‍රහස්පතින්දා දින සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය තුන්කොන් සටන ආරම්භ කරනු ඇත. විස්සයි-20 ආකෘතිය යටතේ පැවැත්වෙන පැවැත්වෙන මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 29 වැනිදා පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar