slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2025
විස්සයි-20 ලෝක ශූරතාවේ කාල සටහන එළිදක්වයි – ශ්‍රී ලංකාවේ තරග 22 ක්!

sinhala editor

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 10 වැනි වතාවටත් පවත්වනු ලබන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 තරගාවලිය යටතේ තරග ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී‘ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය.

කණ්ඩායම් 20 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු මස 08 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. එහි මූලික වටයේදී කණ්ඩායම් 20 කාණ්ඩ 4 කට වෙන්කොට තරග පැවැත්වෙන අතර ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීහු බවට පත්ව සිටිති.

දින 29 ක් මුළුල්ලේ පැවැත්වෙන මෙම තරගාලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 8 ක් පුරා පැවැත්වේ. කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ ජාත්‍යන්තර සහ කොළඹ එස්. එස්. සී. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ බවට පත්ව තිබේ. ඊට අමතරව අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි, චෙන්නායිහි චිදම්බරම්, නවදිල්ලිහි අරුන් ජෙට්ලි, මුම්බායිහි වන්කඩේ සහ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් යන ක්‍රීඩාංගණ ඉන්දියාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙති.

මූලික වටය යටතේ තරග 0 ක් පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩයෙන් ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක පෙබරවාරි මස 21 වැනිදා ආරම්භ වන සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

ඒ අනුව සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේදී ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් 4 තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ හෙවත් අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානු කණ්ඩායම තරග වදිනු ලබන සියලුම තරග ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන අතර යම් ලෙසකින් ඔවුන් අවසන් පූර්ව සහ අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලැබුවහොත් එම තරග 2 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. අවසන් මහ තරගය මාර්තු මස 08 වැනිදා පැවැත්වීමට නියමිතය.

එසේ වුවහොත් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇත.

‘ඒ‘ කාණ්ඩය – ඉන්දියාව, ඇමරිකාව, නැමීබියාව, නෙදර්ලන්තය, පාකිස්තානය

‘බී‘ කාණ්ඩය – ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, අයර්ලන්තය, ඕමානය

‘සී‘ කාණ්ඩය – එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, ඉතාලිය, නේපාලය

‘ඩී‘ කාණ්ඩය – දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, කැන්ඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee