slc
logo
Home   |    News
නොවැම්බර් 21, 2025
අවු. 17 න් පහළ පිල මෙහෙයවීමේ වගකීම රෙහාන් පීරිස්ට

sinhala editor

තෙදින තරග දෙකකට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කොළඹ රාජකීය විදුහලේ රෙහාන් පීරිස්ට පැවැරී තිබේ. ක්‍රීඩකයින්  15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිල එම තරග සංචාරයට සහභාගිවීම සඳහා නොවැම්බර් 24 වැනි සඳුදා අළුයම බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇත.

නම් කර ඇති කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයින් සංඛ්‍යාවක් එක්ව සිටින්නේ කොළඹ රාජකීය විදුහල නියෝජනය කරමිනි. රෙහාන් පීරිස් හැරුණු කොට හිරුන් මතීෂ සහ හිමරු දේශාන් එම ක්‍රීඩකයෝ වෙති.

මීට අමතරව පිට පළාත් නියෝජනය කරමින් වැඩිම නියෝජනයක් ඇත්තේ ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් වේ. මෙහිදී අරෝෂ් සිතුමිණ සහ පුල්ජිත් වත්සුක රත්ගම දේවපතිරාජ විදුහලද චනුල් කොඩිතුවක්කු සහ කෙනුල පිහිලියනාග කිංග්ස්වුඩ් විදුහල නියෝජනය කරමින්ද කණ්ඩායමට පිවිස සිටිති. නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටින නායක රෙහාන් ප්‍රනාන්දු සහ ජේසන් ප්‍රනාන්දු හැරුණු කොට සෙසු ක්‍රීඩකයින් 13 දෙනාම අවුරුදු 17 න් පහළ කණ්ඩායම නියෝජනය කරනු ලබන නවකයෝ වෙති.

තරග 2 කින් සමන්විත තෙදින තරගාවලියෙන් තරගාවලිය ආරම්භ වන අතර නොවැම්ර් මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා මීර්පූර්හිදීත් දෙවැන්න දෙසැම්බර් 02 වැනිදා සිට 04 වැනිදා දක්වා බෂුන්දර්හීදීත් පැවැත්වෙනු ඇත.

තරග 3 කිින් සමන්විත එක්දන තරගාවලියේ සියලුම තරග චැටෝග්‍රෑම්හිදී පැවැත්වෙනු ඇත. එම තරග 3, දෙසැම්බර් 07, 09 සහ 12 යන තෙදිනදී පැවැත්වෙනු ඇත.

 ක්‍රීඩකයාපාසල
 රෙහාන් පීරිස් (නායක)රාජකීය විදුහල – කොළඹ
 අරෝෂ සිතුමිණදේවපතිරාජ විදුහල – රත්ගම
 චනුල් කොඩිතුවක්කුකිංග්ස්වුඩ් විදුහල – මහනුවර
 හිරුන් මතීෂරාජකීය විදුහල – කොළඹ
 පුල්ජිත් වත්සුකදේවපතිරාජ විදුහල – රත්ගම
 සනුල් වීරරත්නමහානාම විදුහල – කොළඹ
 හිමරු දේශාන්රාජකීය විදුහල – කොළඹ
 ස්ටීවොන් පීරිස්ශාන්ත තෝමස් විදුහල – ගල්කිස්ස
 ජේසන් ප්‍රනාන්දුශාන්ත පීතර විදුහල – බම්බලපිටිය
 මනිත රාජපක්ෂමහින්ද විදුහල – ගාල්ල
 ළහිරු ලක්මාල්ක්‍රිස්තුදේව විදුහල – ජා ඇල
 කෙනුල පිහිලියනාගකිංග්ස්වුඩ් විදුහල – මහනුවර
 මිනුග නෙත්සරහරිස්චන්ද්‍ර විදුහල – මීගමුව
 ගිම්හාන් මෙන්ඩිස්ශාන්ත තෝමස් විිදුහල- ගල්කිස්ස
 නදුන් බණ්ඩාරමලියදේව ආදර්ශ විදුහල – කුරුණෑගල

තරගාවලියේ කාල සටහන

නොවැම්බර් 27-29 –  පළමු තෙදින තරගය මීර්පූර්හිදී

දෙසැම්බර් 02-04 – දෙවැනි තෙදින තරගය බෂුන්දර්හිදී

දෙසැම්බර් 07 – පළමු එක්දින රගය චැටෝග්‍රෑම්හිදී

දෙසැම්බර් 09 – දෙවැනි එක්දින තරගය චැටෝග්‍රෑම්හිදී

දෙසැම්බර් 12- තෙවැනි එක්දින තරගය චැටෝග්‍රෑම්හිදී

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee