slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2025
ලෝක කුසලාන කාලසටහන එළිදැක්වුණු දා…

sinhala editor

ලබන 2026 වසරේ පැවැත්විමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන එළිදැක්වීමේ නිල උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ශම්මි සිල්වා මහතා සහභාගිවිය. ඉන්දියාවේ, මුම්බායි නුවර පැවැති මෙම උත්සවයට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ජේ ෂා සහ එයි ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා යන මහත්වරුද සහභාගිවූහ.

ශම්මි සිල්වා මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාද මෙම උත්සවයට සහභාගිවීය.

2026 වසරේ පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු 08 වැනිදා දක්වා වන දින 29 ක කාලය ඇතුළත පැවැත්වීමට නියමිත මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම සත්කාරකයින් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කටයුතු කරනු ඇත. කණ්ඩායම් 20 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ තරග 20 ක් පැවැත්වෙනු ඇත. ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ සහ කොළඹ එස්.එස්.සී. එම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙති.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee