slc
logo
Home   |    News
දෙසැම්බර් 13, 2025
තෙවැනි තරගය බංග්ලාදේශ පොඩ්ඩෝ ජය ගනිති

sinhala editor

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම් අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය අත්කරගත් බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය 2-1 ක් ලෙස ජය වාර්තා කළේය. මෙම තරගයට පෙර දෙපිළම තරග 1-1 ක් ලෙස තරගාවලිය සම තැන් ගෙන සිටි අතර තෙවැනි තරගයේදී කඩුලු 5 ක ජයක් වාර්තා කළ සත්කාරක පිල තරගාවලියේ ජය තහවුරු කර ගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 45.1 කදී සියලු දෙනා දැවී ලකුනු 179 ක් වාර්තා කළ අතර එම ලකුණු සංඛ්‍යාව හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 38.5 කදී කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ම ලකුණු 29 කට දැවී යද්දී 5 වැනි කඩුල්ලට එක් වුණු හිරුන් මතීෂ සහ සනුල් වීරරත්න ලකුණු 48 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව සැනසිලි දායක තත්ත්වයකට රැගෙන ආහ. එහෙත් පන්දු 53 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 27 ක් ලබා සිටි හිරුන් දැවී යෑමත් සමග ශ්‍රී ලංකාවට එම සාර්ථක සම්බන්ධතාව අහිමිවිය.

අනතුරුව සනුල් වීරරත්න සහ හිමරු දේශාන් එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 56 ක සම්බන්ධතාවක් පවත්වන ලදී. පන්දු 36 කට මුහුණ දුන් හිමරු ලකුණු 19 කට දැවී යෑමත් සමග සම්බන්ධතාවයද බිද වැටිණ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන සනුල් වීරරත්න පන්දු 91 කට මුහුණ දී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 66 ක් ලබා ගැනීමට සමත්විය. ඉනිමේ දැවී ගිය නම වැනි කඩුල්ල වශයෙන් සනුල් පිටියෙන් ඉවත්විය.

ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ පිතිකරුවෝ පන්දු 67 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේය. ඒ වෙනුවෙන් පිත්තෙන් කැපී පෙනුණු පළමු තරගයේ ශතක ලාභියා වූ අද්‍රිතෝ ඝෝෂ් පන්දු 77 කදී ලකුණු 54 ක් ද ජාරිෆ් සියැම් පන්දු 51 කදී ලකුණු 51 ක් ලබා ගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 25 කට කඩුලු 2 ක් ද මනිත රාජපක්ෂ සහ කෙනුල් පිහිලියංග සහ හිමරු දේශාන් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වූහ.

දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත තුන්දින ක්‍රිකට් තරගාවලිය 1-1 ක් ලෙස කණ්ඩායම් දෙක සමව අවසන් කළේය.

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 45.1 කදී සියලු දෙනා දැවී ලකුණු 179 යි – (හිරුන් මතීෂ 37, සනුල් වීරරත්න 66, හිමරු දේශාන් 19, මිනුග නෙත්සර 22, ආකාස් 21/4)

බංග්ලාදේශ අවුරුදු 17 න් පහල කණ්ඩායම පන්දුවාර 38.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 181 යි – (ජාරිෆ් සියෑම් 51, කස්වර් අහමඩ් 30, අද්‍රිතෝ ඝෝෂ් 51, ආකාෂ් රෝයි 33*, ගිම්හාන් මෙන්ඩිස් 25/2)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee