slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2025
විස්සයි-20 ලෝක කුසලාන ප්‍රවේශපත්‍ර අළෙවිය ඇරඹෙයි

sinhala editor

එළැඹෙන 2026 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට මාස 3 කට ත් අඩු කාලයක් ඉතිරිව තිබියදී එම තරගාවලියේ ප්‍රවේශපත්‍ර අළෙවිය අද (දෙසැම්බර් 11 වැනිදා) පස්වරුවේදී ආරම්භ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ලබන වසරේ පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු 08 වැනිදා දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම 10 වැනි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ප්‍රවේශපත්‍ර ආසන්න වශයෙන් ඉන්දීය මුදලින් රුපියල් 100 සිටත් ශ්‍රී ලංකා මුදලින් රු. 1000 සිටත් අළෙවි කෙරෙනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි අතර දැවැන්තම ලෝක කුසලාන තරගාවලිය ලෙසින් සැලකෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ලොව මිලියන සංඛ්‍යාත ක්‍රිකට් රසිකයින්ට තමන් කැමැති තරග නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීම සඳහා මෙම මූලික අදියරයේදී සහනදායී මිලකට ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. මෙහි දෙවැනි අදියර ඉදිරියේදී නිවේදනය කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලදාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේ, “ඉන්දියාව සමඟින් මෙම විචිත්‍රවත් තරගාවලිය සම-සත්කාරකත්වය දැරීමට හැකිවීම අපි ආඩම්බර වෙනවා.  ඒ වගේම ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයින්ට අපගේ ක්‍රීඩාංගණ වෙත සාදරයෙන් පිළිගැනීමට අපි උනන්දුවෙන් බලා සිටිමු“ යනුවෙනි.

“ප්‍රවේශපත්‍ර අලෙවියේ පළමු අදියර මේ වන විටත් විවෘත කර ඇති බැවින් වේලාව අතපසු නොකොට ආසන කළින්ම වෙන්කර ගන්නා ලෙස අපි සියලු දෙනාවම දිරිමත් කර සිටිමු“ යනුවෙන් සඳහන් කර සිටි ප්‍රධාන විධායක නිලධාරීවරයා, ‘මෙම ලෝක කුසලාන තරගාවලිය ඉහළ පෙළේ තරගකාරීත්වයක් ප්‍රදර්ශනය කරනවා පමණක් නොවෙ, උණුසුම්, ජවසම්පන්න සහ අමතක නොවන ක්‍රිකට් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිය නැවත තහවුරු කිරීමටද උපකාරී වනු ඇත“ යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය. https://tickets.cricketworldcup.com/ යන වෙබ් සැබැඳිය ට පිවිසීමෙන් ප්‍ර වේශපත්‍ර කාණ්ඩ සහ එහි මිල ගණන් දැක බලාගත හැක.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee