slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2025
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිල එකට එක කරයි

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ චෙටෝග්‍රෑම්හි නුවරදී අද (09 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිිය 1-1 ක් ලෙස දෙපිළම සම තත්ත්වයේ පසුවන බැවින් අනිද්දා පැවැත්වෙන තෙවැනි තරගයේ ප්‍රතිඵලය අනුව තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය වනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 45.5 ක් අවසනදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ. මෙහිදී කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ හිරුන් මතීෂ පන්දු 136 කදී නොදැවී ලකුණු 80 ක් රැස් කර ගත්තේ තම ඉනිමට හතරේ පහර 6 ක්ද ඇතුළත් කරමිනි.

රෙහාන් පීරිස් (18) මුලු ලකුණු සංඛ්‍යාව 31 ක්ව තිබියදී දැවී ගිය නමුත් අරෝෂ සිතුමිණට එක් වූ හිරුන් මතීෂ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් එක් කළහ. මෙය මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රධානම අඩිතාලම වැටුණු සම්බන්ධතාව ලෙසින් එම කඩුල්ලේ සම්බන්ධතාව හැඳින්විය හැක. ඊට අනගි දායකත්වයක් ලබා දුන් අරෝෂ පන්දු 63 කදීි ලකුණු 50 ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 කින් තම ඉනිම සරසා ගනිමිනි.

කාසියේ වාසියත් සමසග පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 46.5 කදී සියලු දෙනා දැවී ලකුණු 194 ක් රැස් කර ගත්තේය. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ජරීෆ් සියාම් පන්දු 65 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් රැස් කර ගත්තේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු හිමරු දේහාන් ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙළදද්ද, මිනුග නෙත්සර ලකුනු 38 කට කඩුලු 3 ක් බිඳ හෙළීය. මොවුන් දෙදෙනාට අමතරව මනිත රාජපක්ෂ ලකුණු 24 කට කඩුලු  2ක් බිඳ හෙළුවේය.

බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 46.5 කදී සියලු දෙනා දැවී ලකුණු 194 යි – (ජරීෆ් සියාම් 52, මොහොමඩ් නයීම් 15, අද්‍රි ටෝ 19, ආකාෂ් රෝහි 25, රකිබුල් හොසේන් 17, ජුනයිඩ් හොසේන් 20, ෆයාස් රහමන් 15, හිමරු දේශාන් 33/3, මිනුග නෙත්සර 38/3, මනිත රාජපක්ෂ 24/2)

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 45.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 195 යි – (රෙහාන් පීරිස් 18, අරෝෂ් සිතුමිණ 50, හිරුන් මතීෂ 80*, ජේසන් ප්‍රනාන්දු 24, සනුල් වීරරත්න 15*, රකිබුල් හොසේන් 17/2, ජරීෆ් සියාම් 35/2)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar