slc
logo
Home   |    News
දෙසැම්බර් 3, 2025
බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

sinhala editor

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි තුන්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට ඉනිමක පරාජයෙන් බේරීමේ අරමුණින් දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 107 ක් ලබා අසීරු තත්ත්වයක පසුවේ.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ ඉනිමක පරාජයෙන් වැළකී සිටීමට නම් බංග්ලාදේශ කණ්ඩායමට තවත් කඩුලු 4 ක් ඇතුළතදී ලකුණු 106 ක් ලබා ගත යුතුව තිබේ. එහෙත් නම් දරා සිටින ඉදිරි පෙළ පිතිකරුවන් 6 දෙනෙකුම මේ වන විට තරග නරඹන්නන් බවට පත්ව තිබීම ඔවුන් හමුවේ ඇති දැවැන්තම ගැටලුව වී තිබේ.

බංග්ලාදේශ ඉනිමේ දැවී ගිය කඩුලු 6 න් 5 ක්ම දවා ගන්නා ලද්දේ හිමරු දේශාන් විසිනි. පළමු ඉනිමේදීද කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූ වමතින් දඟ පන්දු යවන හිරුන් දෙවැනි ඉනිමේදීද කඩුලු 5 ක් වශයෙන් සමස්ථ තරගයේ දින දෙකක් අවසනදී කඩුලු 8 ක් දවා ගැනීමට සමත්ව සිටියි.

මෙම තරගයේ පළමු ඉනිමේදීද බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 120 ක් වූ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ට ලකුණු 335 ක් වශයෙන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩනැගූහ.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෙහාන් පීරිස් ලකුණු 182 ක් රැස් කරගත්තේය. පන්දු 286 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ඊට හයේ හර 2 ක් සහ හතරේ පහර 17 ක් එල්ල කර තිබුණේය. ඉනිමේ අනික් එකම අර්ධ ශතක ලාභියා වූ ජේසන් ප්‍රනාන්දු සමග දෙවැනි දිනය ආරම්භ කළ රෙහාන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 142 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.

ලකුණු 65 ක් ලබා සිටි ජේසන් අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා විය. පන්දු 125 කට මුහුණ දී සිටි ජේසන් තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහඑර 5 කින් වර්ණවත් කර ගත්තේය. රෙහාන් දැවී යෑමත් සමඟ ඉනිම අත්හටුවා නැවත බංග්ලාදේශ පිලට පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිල ආරාධනා කර සිටියේය.

හෙට (04 දා) තරගයේ තෙවැනි සහ අවසන් දිනය වේ.

බංග්ලාදේශ අවු. 17 න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 30.3 කදී සියලු දෙන දැවී ලකුණු 122 යි – (කස්වර් අහමඩ් 21, සව්රව් කර්මකාර් 42, මිනුග නෙත්සර 34/3, හිමරු දේශාන් 44/3, මනිත රාජපක්ෂ 21/3)

ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 99.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 335 යි – (රෙහාන් පීරිස් 182, අරෝෂ සිතුමිණ 00, හිරුන් මතීෂ 18, ජේසන් ප්‍රනාන්දු 65, ස්ටීවොන් පීරිස් 19, සෙනුල් වීරරත්න 02, හිමරු දේශාන් 04, මනිත රාජපක්ෂ 27*, සහිදුල් ඉස්ලාම් 114/5)

බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩඩායම දෙවැනි ඉනිම පන්දුවාර 44.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 107 යි – (ලෝරන්ස් රෝයි 26, රකිබුල් හොසේන් 23, සව්රව් කර්මකාර් 19*, හිමරු දේශාන් 33/5, මිනුග නෙත්සර 15/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar