slc
logo
Home   |    News
දෙසැම්බර් 19, 2025
විස්සයි-20 ලෝක කුසලාන මූලික සංචිතයට 25 ක් – නායකත්වය දසුන්ට

sinhala editor

එළැඹෙන 2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් විසිපස්දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ඒ අනුව නම් ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට ලබාදී තිබෙන අතර, පාකිස්තානු තරග සංචාරය අතරතුරදී අසනීප තත්ත්වයකට ලක්වූ හිටපු විස්සයි-20 සහ එක්දින නායක චරිත් අසලංකද මෙම මූලික සංචිතයට ඇතුළත් ව සිටියි.

අවසන් වරට පාකිස්තානයේ පැවැත් තුන්කොන් තරගාවලිය සඳහා සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි භානුක රාජපක්ෂ සහ අසිත ප්‍රනාන්දු පමණක් මෙම මූලික සංචිතයට නම් නොකර තිබීම කැපී පෙනෙයි.

නම් කරන ලද සංචිතයට ඉකුත්දා කටාර් රාජ්‍යෙය් පැවැති නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා අතට පිවිසි දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක මෙන්ම ට්‍රෙවීන් මැතිව් ද ඇතුළත්ව සිටිති. ඊට අමතරව ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චි සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලද ලෝක කුසලාන සංචිතය සඳහා වන මූලික කණ්ඩායමට එක්ව සිටිති.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ක්‍රියාත්මක වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රීි ලංකාවට පෙර තවත් ජාත්‍යන්තර විස්සයි-20 තරග 6 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. පාකිස්තානයට සහ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එම තරග 6 පැවැත්වෙනු ඇත.

2026 වසරේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරබාරි මස 07 වැනිදා සිට මාර්තු 08 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහිදී තරග 20 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇත. කොළඹ ආර්. ප්‍රේමදාස, එස්.එස්.සී. සහ මහනුවර පල්ලේකැලේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ වෙති.

  1. දසුන් ශානක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කුසල් මෙන්ඩිස්
  4. කමිල් මිශාර
  5. කුසල් පෙරේරා
  6. ධනංජය ද සිල්වා
  7. නිරෝෂන් දික්වැල්ල
  8. ජනිත් ලියනගේ
  9. චරිත් අසලංක
  10. කමිඳු මෙන්ඩිස්
  11. පවන් රත්නායක
  12. සහන් ආරච්චිගේ
  13. වනිඳු හසරංග
  14. දුනිත් වෙල්ලාලගේ
  15. මිලාන් රත්නායක
  16. නුවන් තුෂාර
  17. එෂාන් මාලිංග
  18. දුෂ්මන්ත චමීර
  19. ප්‍ර මෝද් මදුෂාන්
  20. මතීෂ පතිරණ
  21. ඩිල්ෂාන් මදුශංක
  22. මහීෂ් තීක්ෂණ
  23. දුෂාන් හේමන්ත
  24. විජයකාන්ත් වියස්කාන්ත්
  25. ට්‍රෙවීන් මැතිව්

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee