slc
logo
Home   |    News
දෙසැම්බර් 8, 2025
බංග්ලාදේශ 17 න් පහළ පිල එක්දින තරගාවලියේ පෙරමුණට

sinhala editor

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය යටතේ ආරම්භ වුණු තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ පිලට එරෙහිව ලකුණු 78 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය 1-0 ක් ලෙසද සත්කාරක පිල පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 5 අවසනදී කඩුලු 6 කට ලකුණු 271 ක් ලබා ගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ක් පමණක් දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 193 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජේසන් ප්‍රනාන්දු පන්දු 116 කට මුහුණ දී නොදැවී ලකුණු 78 ක් ලබා ගැනීමට සමත් වුවත්, සෙසු පිතිකරුවන්ගේ සහයෝගය නොමැතිවීම මත මෙම තරග පරාජයට මුහුණදීමට ශ්‍රී ලංකා යොවුන් පිලට සිදුවිය.

ලකුණු 272 ක ඉලක්කයක් හඹා යෑමේදී පළමු පිතිකරුවන් දෙදෙනා වන අරෝෂ සිතුමිණ සහ නායක රෙහාන් පීරිස් මුලු ලකුණු සංඛ්‍යාව 09 ක්ව තිබියදී දැවී යෑම ශ්‍රී ලංකාවට දැවැන්ත පාඩුවක් විය. අනතුරුව චනුල් කොඩිතුවක්කුද මුලු ලකුණු සංඛ්‍යාව 31 ක්ව තිබියදීද සහ හිරුන් මතීෂ ලකුණු 46 ක් ව තිබියදීද දැවී ගියේ බංග්ලාදේශ කණ්ඩායම වෙත තරගයකින් තොර ජයග්‍රහණයක පෙර නිමිති පහළ කරදෙමිනි.

ස්ටීවොන් පීරිස්ද ලකුණු 75 වන විට තරග නරඹන්නකු බවට පත්වද්දී 6 වැනි කඩුල්ලට ජේසන් ප්‍රනාන්දු සමග එක් වුණු සනුල් වීරරත්න ලකුණු 86 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තැබූහ. ඉක්මනින් කඩුලු දැවී යෑම නිසා මොවුන් ලකුණු ලබා ගැනීමේ වේගයට වඩා කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමේ අභියෝගය ටද මුහුණ දීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කඩුල්ලේ සම්බන්ධතාව සඳහා මොවුන් දෙදෙනාට පන්දු 116 ක් වැය කිරීමට සිදුවිය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අද්‍රිටෝ ඝෝෂ් පන්දු 138 කදී ලකුනු 103 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වුණු ඝෝෂ්ගේ ඉනිමට අමතරව සව්රව් කර්මකාර් (32), ආකාෂ් රෝයි (39), සහ එම්.ඩී. නයීම් (32) ලකුණු 30 සීමාව ඉක්මවා යමින් බංග්ලාදේශ යොවුන් පිලේ ලකුණු පුවරුව පෝෂණය කිරීමට දායකත්වය දැක්වූහ.

පන්දු යැවීමේදී හිමරු දේහාන් සිය පන්දුවාර 10 ලකුණු 34 කට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගනිද්දී ගිම්හාන් මෙන්ඩිස්, චනුල් කොඩිතුවක්කු සහ ළහිරු ලක්මාල් කඩුල්ල බැගින් බිද හෙළීමට සමත්වූහ.

බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 271 යි – (අද්‍රිටෝ ඝෝෂ් 103*, එම්ඩී. නයීම් 32, ආකාස් රෝයි 39, සව්රව් කාර්මකාර් 32, හිමරු දේෂාන් 34/2)

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 191 යි – (ජේසන් ප්‍රනාන්දු 78*, ස්ටීවොන් පීරිස් 14, සනුල් වීරරත්න 34(, හිරුන් මතීෂ 28)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee