slc
logo
Home   |    News
ජනවාරි 21, 2026
ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලෝක කුසලාන රට පුරා සංචාරය ඇරඹෙයි – හෙට ගුවනින් ප්‍රේමදාස පිටියට

sinhala editor

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් තවත් දින 17 කින් ආරම්භ වීමට නියමිත ICC පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලාන, ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් වෙත සමීප කරමින් සිදුකිරීමට නියමිත ‘කුසලාන සංචාරය‘ නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 21 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රෙය්දී සිදුකෙරිණ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම කුසලාන සංචාරය ජනවාරි මස 21 වැනිදා සිට පෙබරවාරි 01 වැනිදා දක්වා වූ කාල සීමාවේදී දින 7 ක් පුරා පැවැත්වෙනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පිළිගැන්වීමෙන් පසු සිදුකෙරුණු එම කුසලාන නිරාවරණය අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලදාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානකද සහභාගිව සිටියහ. ඊට අමතරව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්. එස්. අච්චුදන් යන මහත්වරුද එක්ව සිටියහ.

මෙම සංචාරයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස ජනවාරි 22 වැනිදා, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට පෙර, හෙවත් ප.ව. 1.30 වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් විසින් පැරෂුට් ආධාරයෙන් ලෝක කුසලානය ක්‍රීඩාංගනය වෙත රැගෙන ඒම සිදුකිරීමට නියමිතය. එම අවස්ථාවේදී තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට පිවිසෙන ක්‍රීඩා ලෝලීන්ට එම සුවිශේෂී ලෝක කුසලාන දැක බලාගැනීමට මෙන්ම ඡායාරූප ගැනීමටද අවස්ථාව හිමිවනු ඇත.

ඉන් අනතුරුව මෙම කුසලාන මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරාද රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති අතර, එම ප්‍ර දේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ටද ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමට සහ එය දැක බලා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට පැවැත්වීමට පෙර ඒ සඳහා රටේ ජනතාව තුළ උද්‍යෝගය සහ ප්‍රේක්ෂක අවධානය ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු 08 වැනිදා දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තුළ තරග 20 ක් පැවැත්වීමට නියමිත අතර ඉන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග 8 ක්ද, එස්. එස්. සී. ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් තරග 5 ක්ද සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කෙනේද්‍ර කර ගනිමින් තරග 7 ක්ද පැවැත්වෙනු ඇත.

ලෝක කුසලාන ‘සංචාරයේ‘ කාල සටහන

ජනවාරි 22 – කොළඹ

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (RPICS)
ප.ව. 1.30 – 1.50 – පැරජම්පින් මඟින් ක්‍රීඩාංගනයට කුසලානය රැගෙන යාම
ප.ව. 2.00 – ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අතරතුර මහජන ප්‍රදර්ශනයට රැගෙන ඒම

ජනවාරි 23 – කොළඹ

නිදහස් චතුරශ්‍රය
පෙ.ව. 8.00 – කුසලාන ඡායාරූප ගැනීම සඳහා ප්‍රදර්ශනය

පෙ.ව. 10.00 – මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී මාධ්‍ය දර්ශනය සඳහා තබානු ඇත.

ජනවාරි 24  – කොළඹ

ඩයලොග් ආසියාටා මූලස්ථානයේ සිට හැවලොක් සිටි වෙළෙඳ සංකීර්ණය
පෙ.ව. 8.00 : ඩයලොග් බස් රථය සහ ෆ්ලැට්බෙඩ් ට්‍රක් රථය අනුගමනය කරමින් වාහන පෙළපාලිය

හැවලොක් සිටි මෝල්
පෙ.ව. 8.00  – ප.ව. 8.00 : මහජන කුසලාන ප්‍රදර්ශනය සහ ප්‍රධාන ක්‍රියාකාරකම්

ජනවාරි 30 – මහනුවර

දළදා මාලිගාව
පෙ.ව. 8.00  : ඡායාරූප අවස්ථාව

මහනුවර වැව
පෙ.ව. 9.00 : ඡායාරූප අවස්ථාව

මහනුවර නගරය
පෙ.ව. 10.00 – මධ්‍යාහ්න 12.00 : කුසලානය සමඟ නගර සංචාරය

මහනුවර සිටි කැන්ඩි සිටි සෙන්ටර් (KCC)
ප.ව. 12.00 – 5.00  : ප්‍රධාන ක්‍රියාකාරකම්

කැන්ඩි සිටි සෙන්ටර් (KCC) සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (PICS)
ප.ව. 5.00 – 7.00 : මාර්ගයෙන් කුසලාන සංචාරය

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
ප.ව. 7.00  : ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගය අතරතුර ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා තබනු ඇත.

ජනවාරි 31  – දඹුල්ල

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
පෙ.ව. 8.00  : මහනුවර සිට දඹුල්ල දක්වා කුසලාන සංචාරය ආරම්භය

මාතලේ (තීරණය කළ යුතුයි)
පෙ.ව. 10.00  : කුසලාන නවතා තැබීම (මිනිත්තු 15ක්)

දඹුල්ල නගරය
ප.ව. 12.00 – 1.00  : දඹුල්ල නගර සංචාරය

සිගිරිය
ප.ව. 2.00   : ඡායාරූප අවස්ථාව

දඹුල්ල විහාරය
ප.ව. 3.00 : ඡායාරූප අවස්ථාව

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (RDICS)
ප.ව. 4.00 : ප්‍රධාන ක්‍රියාකාරකම් (වාහන නැවතුම් භූමියේ)

පෙබරවාරි 91  – යාපනය

රංගිරි දඹුලු ක්‍රීඩාංගණය
පෙ.ව. 8.00 : දඹුල්ල සිට යාපනය දක්වා කුසලාන සංචාරය ආරම්භය

මිහින්තලේ (තීරණය කළ යුතුයි)
පෙ.ව. 10.00  : කුසලාන නවතා තැබීම (මිනිත්තු 15ක්)

වව්නියාව (තීරණය කළ යුතුයි)
ප.ව. 12.00 : කුසලාන නවතා තැබීම (මිනිත්තු 15ක්)

කිලිනොච්චි (තීරණය කළ යුතුයි)
ප.ව. 2.00  : කුසලාන නවතා තැබීම (මිනිත්තු 15ක්)

යාපනය (තීරණය කළ යුතුයි)
ප.ව. 4.00 : යාපනයේ ප්‍රධාන ක්‍රියාකාරකම්

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee