සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව හෙට (ජනවාරි 07 වැනිදා) ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ හිටපු විස්සයි-20 සහ එක්දින නායක චරිත් අසලංකවන කැඳවා තිබේ. රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලිය නම් කර ඇති ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ සිටින එකම නවක ක්‍රීඩකයා වන්නේ දඟ පන්දු යවන ට්‍රෙවීන් මැතිව් පමණි.
21 හැවිරිදි වියේ පසුවන දකුණත් පිට දග පන්දු යවන්නා කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට ප්‍රවිශ්ඨ වී සිටියි. ඔහු ඉකුත්දා කටාර් රාජ්‍යෙය් පැවැති නැගීඑන කණ්ඩායම් අතර ආසියානු ක්‍රිකට් තරගාවලියේ තරග 3 කට සහභාගිවෙමින් කඩුලු 7 ක් දවා තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්වූවෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයට අලුතින් පත්වුණු ප්‍ර මෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් කළින් නම් කරන ලද ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයෙන් මෙම ක්‍රීඩකයින් 18 දෙනා තෝරාගෙන තිබේ. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක කණ්ඩායම මෙහෙයවනු ඇත.
මේ අතර ඉකුත්දා ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ කරන ලද සංචාරය යටතේ පැවැති විස්සයි-20 තරගාවලිය සඳහා කණ්ඩායමට ඇතුළත්ව සිටි භානුක රාජපක්ස, පවන් රත්නායක, විජයකාන්ත් වියස්කාන්ත් සහ අසිත ප්‍රනාන්දුට සිය ස්ථාන අහිමිව තිබේ. ඒ වෙනුවට ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දුනිත් වෙල්ලලාගේ සහ ට්‍රෙවීන් මැතිව් කණ්ඩායමට එක්ව සිටිති. කෙසේ වෙතත් පාකිස්තානු තරග සංචංරය සදහා ඇතුළත්ව සිටියද එහෙත් ආබාධයක් හේතුවෙන් තරගාවලියට සහභාගිවීමෙන් වැළකී සිටි වේග පන්දු යවන මතීෂ පතිරණද නම් කරන ලද 18 දෙනා අතරට ඇතුළත්ව සිටියි.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය ජනවාරි 09 වැනිදාද සහ තෙවැනි තරගය ජනවාරි මස 11 වැනිදා ද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ට්‍රෙවීන් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර, එෂාන් මාලිංග.





