slc
logo
Home   |    News
ජනවාරි 30, 2026
පළමු විස්සයි-20 ට පෙර විස්සයි-20 ලෝක කුසලාන පල්ලේකැලේට

sinhala editor

පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන කුසලාන සංචාරයේ දෙවැනි අදියර ආරම්භ කරමින් එම කුසලානය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත පළමු විස්සයි-20 තරගයට පෙර ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීම සඳහා රැගෙන එනු ලැබීය.

ලෝක කුසලාන උණුසුම දිවයින පුරා පැතිරවීම අරමුණු කරගත් මෙම ‘කුසලාන සංචාරය’ පල්ලෙකැලේට රැගෙන ඒමට පෙර මහනුවර වැව, ක්වීන්ස් හෝටලය අසළ සහ ශ්‍රී දළදා මාලිගාව අවට ප්‍රදේශවල තබා ක්‍රීඩා ලෝලීන්ට කුසලානය සමඟ ඡායාරූප ලබා ගැනීමට අවස්ථාව සලසා තිබුණි. පෙ.ව. 9.30ට ආරම්භ වූ නගර සංචාරයෙන් අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 4.00 දක්වා කැන්ඩි සිටි සෙන්ටර්හිදී කුසලානය මහජන දර්ශනය සඳහා තබා තිබුණි.

පසුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට රැගෙන ආ කුසලානය සංස්කෘතික නර්තන සංදර්ශනයක් සමඟ ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීම සඳහා ක්‍රීඩාංගණයේ තැබිය.

මෙම කුසලාන සංචාරය යටතේ හෙට (ජනවාරි 31) උදෑසන 7.00ට මහනුවරින් දඹුල්ල බලා පිටත්ව යෑමට නියමිත අතර, පෙ.ව. 8.00ට දඹුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළට ළඟාවනු ඇත. අනතුරුව පෙ.ව. 10.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට රැගෙන යාමට නියමිත කුසලානය, එම ප්‍රදේශයේ ක්‍රීඩා ලෝලීන්ට දැක බලා ගැනීමට අවස්ථාව සලසනු ඇත. පස්වරුවේදී දඹුල්ල නගරය තුළ සංචාරය කරන අතර, දඹුල්ල රජ මහා විහාරය, දඹුල්ල ගුහා විහාරය සහ සීගිරිය වැනි ඓතිහාසික ස්ථාන වෙතද කුසලානය රැගෙන යාමට නියමිතය. එම සියලු ස්ථානවලද මහජනතාවට කුසලානය සමඟ විශේෂ ඡායාරූප ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee