slc
logo
Home   |    News
ජනවාරි 25, 2026
ප්ලේට් තරග වටය – කසුන් විදුරගෙන් ද්විත්ව ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ප්‍රතිඵල අනුව කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්ලේට් තරග වටයේ පළමු පූර්ණ ජය වාර්තා කිරීමට බඳුරලිය ක්‍රීඩා සමාජය සමත් වූවේය.

අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ‘ කාණ්ඩයේ හා ‘බී‘ කාණ්ඩයේ පෙරමුණේ සිටින කණ්ඩායම් 4 බැගින් සුපිරි අට වටයට පිවිසි අතර, කණ්ඩායම් 3 බැගින් ප්ලේට් වටයට අවතීර්ණ විය.

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති බඳුරලිය – නුගේගොඩ අතර තරගයෙන් ජයග්‍රහණය කිරීමට ලකුණු 16ක ඉලක්කයක් එල්ල වූ අතර, එය එක් කඩුල්ලක් දැවී ලබාගත් හෙයින් කඩුලු 9ක ජයක් බඳුරලිය පිලට හිමි විය. බඳුරලිය ක්‍රීඩා සමාජයේ  දිල්ෂාන් ද සොයිසා පළමු ඉනිමේදී පන්දු 250කදී හතරේ පහර 14ක් සමඟ ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වූ අතර, පන්දු යැවීමේදී බඳුරලිය පිලේ බුද්ධික සංජීව තරගය පුරා කඩුලු 7ක් බිදහෙලීමට සමත් වූවේය.

අද දින ද්විත්ව ශතකයක් වාර්තා කළ හලාවත මේරියන්ස් පිලේ කසුන් විදුර ටැමිල් යූනියන් පිලට එරෙහිව පන්දු 317කදී හයේ පහර 2ක් හා හතරේ පහර 14ක් සමඟ නොදැවී ලකුණු 200ක්, ෂම්මු අෂාන් ටැමිල් යූනියන් පිලට එරෙහිව පන්දු 313කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 146කින් ශතකයක් වාර්තා කළහ. එමෙන්ම පානදුර ක්‍රීඩා සමාජයේ ෂෙහාන් ජයසූරිය කුරුණෑගල තරුණ පිලට එරෙහිව පන්දු 136කදී හ‍ේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 100ක් වාර්තා කළේය. මෙම ප්ලේට් වටයේදී ටැමිල් යූනියන් පිලේ නවෝද් පරණවිතාන හලාවත මේරියන්ස් පිලට එරෙහිව පන්දු 311කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 152ක් ඊයේ වාර්තා කළේය.

අද දින අර්ධ ශතක වාර්තා කරමින් නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජයේ අක්රම් මුතාලිෆ් ලකුණු 56ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 70ක්,  හලාවත මේරියන්ස් පිලේ තීක්ෂල ද සිල්වා ලකුණු 50ක්, පානදුර ක්‍රීඩා සමාජයේ ඉරෝෂ සමරසූරිය ලකුණු 96ක් වාර්තා කළහ.

ලකුණු සාරාංශය

බඳුරලිය – නුගේගොඩ අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී බඳුරලිය පිලට කඩුලු 9ක ජයක්

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 133.5කදී සියලු දෙනා දැවී ලකුණු 417

රොෂාන් විජේනායක 55, දිල්ෂාන් ද සොයිසා 145, ගීත් කුමාර 62, සුමින්ද ලක්ෂාන් 59, අලංකාර අසංක ද සිල්වා 62 (මධුක ලියනපතිරණ 97/3, නිපුන් මාලිංග 108/3, ලොහාන් ද සොයිසා 77/2, අනුක් ප්‍රනාන්දු 72/2)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 53.5කදී සියලු දෙනා දැවී ලකුණු 189

අවිශ්ක පෙරේරා 38, ප්‍රමුද් හෙට්ටිවත්ත 43, මධුක ලියනපතිරණ 20, අක්රම් මුතාලිෆ් 56  (බුද්ධික සංජීව 54/5, මලින්ද පුෂ්පකුමාර 80/4)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 65.4කදී සියලු දෙනා දැවී ලකුණු 243

පුලිඳු පෙරේරා 21, ප්‍රමුද් හෙට්ටිවත්ත 70, කෙවින් පෙරේරා 16, අක්රම් මුතාලිෆ් 70, සඳුන් මෙන්ඩිස් නොදැවී 19 (බුද්ධික සංජීව 81/2, කල්හාර නුවන්ත 58/4, සුමින්ද ලක්ෂාන් 27/3)

බඳුරලිය ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 1.5කදී කිසිවෙකු නොදැවී ලකුණු 16

ළහිරු දෙවටගේ නොදැවී 11, සුමින්ද ලක්ෂාන් නොදැවී 3

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 126. 2කදී සියලු දෙනා දැවී ලකුණු 303

මනෝජ් සරත්චන්ද්‍ර 50, ලක්ෂාන් එදිරිසිංහ 76, සමීර සඳමාල් 25, ච‍මෝද් සඳරූ 75, දිනුක මාලන් 24, ළහිරු ජයරත්න 20 (මොහොමඩ් ඩිල්ෂාඩ් 59/3, අසංක මනෝජ් 77/4)

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 100. 2කදී කඩුලු 5ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 322

ඔෂධ ප්‍රනාන්දු 41, ඉරෝෂ සමරසූරිය 96, විශ්ව චතුරංග 16, දුෂාන් විමුක්ති 33, ෂෙහාන් ජයසූරිය නොදැවී 100, කාංචන ද ලිවේරා නොදැවී 30 (චාමිකර එදිරිසිංහ 112/3)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 40.3කදී කඩුලු 5ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 114

ගයාන් මනීෂාන් 28, ගයාන් වීරසිංහ 36, ලක්ෂාන් එදිරිසිංහ 34 (දුෂෘන් විමුක්ති 26/2, දුෂාන් හේමන්ත 36/2)

ටැමිල් යූනියන් – හලාවත මේරියන්ස් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

ටැමිල් යූනියන් පිල පළමු ඉනිම ඕවර් 125.2කදී සියලු දෙනා දැවී ලකුණු 469

නවෝද් පරණවිතාන 152, මිනෝද් භානුක 62, තුලින දිල්ෂාන් 39, භානුක රාජපක්ෂ 17, සාරුජාන් සංමුගනාදන් 48, සචිත ජයතිලක 76, ළහිරු සමරකෝන් 27 (‍තීක්ෂල ද සිල්වා 71/3, කල්හාර සේනාරත්න 142/4, චලන ද සිල්වා 99/2)

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 142කදී කඩුලු 6ක් දැවී ලකුණු 505

තනුක දාබරේ 31, හිරාන් ජයසුන්දර 23, තරින්දු අමරසිංහ 38, ෂම්මු අෂාන් 146, කසුන් විදුර නොදැවී 200, තීක්ෂල ද සිල්වා 50 (කවිඳු දිල්හාර 91/2, තරිඳු රත්නායක 183/4)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee