slc
logo
Home   |    News
ජනවාරි 8, 2026
ලෝක කුසලාන ‘ටිකට්‘නිල වශයෙන් නායකයින් අතට

sinhala editor

2026 අයි.සී.සී. පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සහභාගී වන තරඟ සඳහා වූ තරඟ ප්‍රවේශපත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (07 දා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරඟය ආරම්භ වීමට පෙර, කණ්ඩායම් දෙකේ නායකයින් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

2026 පෙබරවාරි 7 වැනිදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) පිටියේදී පැවැත්වීමට නියමිත පාකිස්තාන කණ්ඩායමේ පළමු ලෝක කුසලාන තරඟය සඳහා වූ ප්‍රවේශපත, පාකිස්තාන කණ්ඩායමේ නායක සල්මන් ආගා වෙත පිරිනමන ලදී.

එසේම, 2026 පෙබරවාරි 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (RPICS) අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ලෝක කුසලාන තරඟය සඳහා වූ ප්‍රවේශපත, ශ්‍රී ලංකා නායක දසුන් ශානකට පිරිනමන ලදී.

මෙම තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරකයින් ලෙසින් කටයුතු කරනු ලබන හිටපු පාකිස්තානු නායකයකු වන ආමීර් සොහේල් සහ හිටපු ටෙස්ට් ක්‍රීඩක රසල් ආර්නෝල්ඩ් විසින් පිළිවෙලින් එම ප්‍රවේශපත්අ අදාළ නායකයින් වෙත භාර දෙන ලදී.

පෙබරවාරි මස 07 වැනිදා සිට මාර්තු මස 08 වැනිදා දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන්වෙන 2026 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ප්‍රවේශපත් Tickets.CricketWorldCup.com යන වෙබ් අඩවියට ගොස් මිලදී ගැනීමට හැකියාව ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee