slc
logo
Home   |    News
ජනවාරි 30, 2026
විස්සයි–20 ලෝක කුසලාන තරග විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

sinhala editor

අයි.සී.සී. පිරිමි විස්සයි–20 ලෝක කුසලාන 2026 තරගාවලියේ මූලික වටයේ තරග සඳහා විනිසුරුවරුන් 24 දෙනෙකු සහ තරග තීරකවරුන් 6 දෙනෙකු පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත් බව නිවේදනය කර සිටියි. මූලික තරග වටයෙන් අනුතරුව පැවැත්වෙන සුපිරි කණ්ඩායම් 8 අතර තරගාවලිය සදහා වන නිලධාරීන් පසුව ප්‍රකාශයට පත් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිශ්චය සඳහා ඇතුළත් නිලධාරීන් අතර තිදෙනෙකු ශ්‍රී ලංකාවෙන් නම් කර තිබීම විශේෂත්වයක් වේ. තරග තීරකවරුන් 6 දෙනා අතරට පළපුරුදු තරග තීරකවරයකු වන රංජන් මඩුගල්ලේ මහතාද තරග විනිසුරුවරුන් ලෙස කුමාර් ධර්මසේන සහ රවීන්ද්‍ර විමලසිරි යන මහත්වරුද එක්ව සිටිති.

පෙබරවාරි මස 07 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර සමාරම්භක තරගයේ විනිසුරුවරයකු ලෙස කුමාර් ධර්මසේන මහතා කටයුතු කිරීමට නියමිතය. 1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ධර්මසේන මේ වන විට විස්සයි-20 ලෝක කුසලාන තරග 37ක විනිසුරුවරුවෙකු ලෙස සේවය කර ඇති අතර, 2016 සහ 2022 අවසන් තරගද ඇතුළත් වේ. ධර්මසේන මහතා මෙවර තරගාවලියේ වඩාත් ආකර්ශනය දිනාගෙන තිබෙන තරගය බවට පත්ව තිබෙන පෙබරවාරි මස 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දු – පාකිස්තානු තරගයේදීද ප්‍රධාන විනිසුරුවරයකු ලෙස ඉලිංවර්ත් සමඟ කටයුතු කිරීමට නියමිතය.

තරග තීරකවරුන් – ඩීන් කොස්කර්, ඩේවිඩ් ගිල්බට්, රංජන් මඩුගල්ලේ, ඇන්ඩෘ පයික්‍රොෆ්ට්, රිචී රිචර්ඩ්සන්, ජවගල් ශ්‍රීනාත්.

විනිසුරුවරුන් – කුමාර ධර්මසේන, රවීන්ද්‍ර විමලසිරි,  රෝලන්ඩ් බ්ලැක්, ක්‍රිස් බ්‍රවුන්, ක්‍රිස් ගැෆනි, ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක්, රිචඩ් ඉලින්ග්වර්ත්, රිචඩ් කෙට්ල්බරෝ, වේන් නයිට්ස්, ඩොනොවන් කොච්, ජයරාමන් මදනාගෝපාල, නිතින් මෙනොන්, සෑම් නෝගාජ්ස්කි, KNA පද්මනාභන්, අල්ලාහුදීන් පාලේකර්, අහ්සන් රාසා, ලෙස්ලි රයිෆර්, පෝල් රයිෆෙල්, ලැන්ග්ටන් රුසේරේ, ශර්ෆුද්දවුලා ඉබ්නේ ශාහිද්, ගාසි සෝහෙල්, රොඩ් ටකර්, ඇලෙක්ස් වෝර්ෆ්, ආසිෆ් යාකූබ්.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar