slc
logo
Home   |    News
ජනවාරි 30, 2026
ෂම්මු අෂාන් පිට පිට දෙවැනි ශතකය වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්ලේට් තරග වටයේ දෙවැනි සතියේදී පිට පිට ‍ෙවැනි ශතකය වාර්තා කිරීමට හලාවත මේරියන්ස් පිලේ ෂම්මු අෂාන් අද සමත් වූවේය. කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ ගයාන් මනීෂාන් ද අද (30) පළමු දිනයේ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

ගෙවීගිය සතියේ ටැමිල් යූනියන් පිලට එරෙහිව ලකුණු 146ක් ලබාගත් හලාවත මේරියන්ස් පිලේ ෂම්මු අෂාන් අද දිනයේ බඳුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 173කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 101ක් ලබා පිට පිට දෙවැනි ශතකය වාර්තා කළේය. කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ ගයාන් මනීෂාන්  නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 233කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 112ක් එක් කළේය.

පානදුර ක්‍රීඩා සමාජයේ ෂලිත් ප්‍රනාන්දු ලකුණු 90ක් හා හලාවත මේරියන්ස් පිලේ තීක්ෂල ද සිල්වා ලකුණු 50ක් ලබා අර්ධ ශතක වාර්තා කළහ.

පන්දු යැවීමේදී නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජයේ නිපුන් මාලිංග ලකුණු 42කට කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ කඩුලු 5ක් බිදහෙලීය.

ලකුණු සාරාංශය

පානදුර ක්‍රීඩා සමාජය හා ටැමිල් යූනියන් අතර තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 66කදී කඩුලු 7ක් දැවී ලකුණු 240

ඔෂධ ප්‍රනාන්දු 16, විශ්ව චතුරංග 28, ෂලිත් ප්‍රනාන්දු 90, දුෂාන් විමුක්ති 37,  සසිඳු මල්ෂාන් 36, අතිරේක 21 (ළහිරු සමරකෝන් 53/2, විජේකාන්ත් වියෙස්කාන්ත් 48/3)

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය අතර තරගය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 90කදී කඩුලු 6ක් දැවී ලකුණු 231

ගයාන් මනීෂාන් 112, මනෝජ් සරත්චන්ද්‍ර 39, ලක්ෂාන් එදිරිසිංහ 45 (නිපුන් මාලිංග 42/5)

බඳුරලිය – හලාවත මේරියන්ස් අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 77කදී කඩුලු 9ක් දැවී ලකුණු 239

තනුක දාබරේ 16, උදයවංශ පරාක්‍රම 28, තරින්දු අමරසිංහ 19, ෂම්මු අෂාන් 101, කසුන් විදුර 43, තීක්ෂල ද සිල්වා 50 (බුද්ධික සංජීව 86/4, සුමින්ද ලක්ෂාන් 49/4)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee