slc
logo
Home   |    News
ජනවාරි 23, 2026
විස්සයි-20 ලෝක කුසලාන උඩුගුවනේ සිට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

sinhala editor

පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන කුසලාන සංචාරයේ දෙවැනි දිනය වූ ජනවාරි 22 වැනිදා, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගයට පෙර, ලෝක කුසලානය අඩි 7000ක උසින් පැරෂුට් මඟින් ක්‍රීඩාංගණයට රැගෙන එනු ලැබීය.

ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන පැරෂුට් භටයන් පස් දෙනෙකු විසින් ජාතික ධජය, අයි.සී.සී. ලෝක කුසලාන ධජය, ශ්‍රී ලංකා ක්‍රිකට් ධජය සහ තරගාවලියේ තේමා පාඨය වන “උද්‍යෝගය අත්විඳින්න” (Feel The Thrill) යන ධජ ලෙළදවමින් උඩුගුවනෙන් පිම්ම ලබා, ලෝක කුසලානය අලංකාර ලෙස ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් කොමදෝරු ජගත් ගොඩකන්ද මහතා විසින් ලෝක කුසලානය සුරැකිව රැගෙන ආ අතර, එය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රධාන මණ්ඩපය ඉදිරියේ පිහිටි විශේෂ පීඨිකාවක තැන්පත් කර මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලදී.

මෙම පැරෂුට් මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් සම්පත් ප්‍රියසුන්දර, ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් නලින් කුලතුංග, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ බෝට්ටු අංශයේ කොමදෝරු කමල් තිස්ස කුමාර සහ ශ්‍රී ලංකා විශේෂ කාර්යය බලකායේ ලුතිනන් කර්නල් පුෂ්පකුමාර යන නිලධාරීහුද එක්ව සිටියහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 21 වැනිදා ආරම්භ වූ මෙම ලෝක කුසලාන සංචාරයේ මූලික අරමුණ වන්නේ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව රටේ ජනතාව තුළ උද්‍යෝගය හා වැඩි ප්‍රේක්ෂක අවධානයක් ගොඩනැගීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන ගිය ලෝක කුසලානය එතැන් සිට හෙලිකොප්ටරයකින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය ඉහළ අහස දක්වා ගුවන්ගත කර තිබූ අතර, එම ගමන් මඟදී මහජනතාවට එය සමීපව දැකබලා ගැනීමටද අවස්ථාව සලසා දී තිබුණි.

2012 වසරෙන් පසු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් තරග පැවැත්වීමට සැලසුම් කර ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee