slc
logo
Home   |    News
පෙබරවාරි 23, 2026
ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා පිල අරාබියට

sinhala editor

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානයට අතර ද්වීපාර්ශ්වීය එක්දින සහ පන්දුවාර විස්සයි-20  කිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු මස දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලිය ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ඇත.

මෙම සංචාරය යටතේ කණ්ඩායම් දෙක අතර T20 අන්තර්ජාතික  තරග 3ක් සහ එක්දින අන්තර්ජාතික  තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමට 2026 වසරේ තරග කාලසටහන තුළ ඉතා වැදගත් අත්දැකීමක් ලෙස මෙම තරගාවලිය සැලකේ.

දෙරට අතර තරගාවලිය මාර්තු 13 වැනිදා සාජානුවරදී පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයෙන් ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි තරග මාර්තු 15 සහ 17 වැනි දිනවලදී සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. අනතුරුව මාර්තු මස 20 වැනිදා පළමු එක්දින තරගය ද මාර්තු 22 සහ මාර්තු 25 දෙවැනි සහ තෙවැනි එක්දින තරගද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

තරග කාලසටහන
මාර්තු 13පළමු විස්සයි-20 තරගයශාජාහිදී
මාර්තු 15දෙවැනි විස්සයි-20 තරගයශාජාහිදී
මාර්තු 17තෙවැනි විස්සයි-20 තරගයශාජාහිදී
මාර්තු 20පළමු එක්දින තරගයඩුබායිහිදී
මාර්තු 22දෙවැනි එක්දින තරගයඩුබායිහිදී
මාර්තු 25තෙවැනි එක්දින තරගයඩුබායිහිදී

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee