slc
logo
Home   |    News
පෙබරවාරි 9, 2026
පළමු ජයග්‍රහණයේ උණුසුම දිගටම පවත්වාගෙන යාම අපේක්ෂාවයි – කමිඳු මෙන්ඩිස්

sinhala editor

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ ප්‍රථම තරගයෙන්ම අයර්ලන්තය පරදවා ලබාගත් ජයග්‍රහණයේ උණුසුම දිගටම පවත්වාගෙන යාම තම කණ්ඩායමේ අරමුණ බව ශ්‍රී ලංකා–අයර්ලන්ත තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කමිඳු මෙන්ඩිස් තරගයෙන් පසු ප්‍රකාශ කළේය.

මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග පන්දු යැවීමේදීත්, කුසල් මෙන්ඩිස් පිතිහරඹයේදීත් කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් බව සඳහන් කළ කමිඳු, මෙම ජයග්‍රහණයේ ගෞරවය කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට හිමිවිය යුතු බව ද අවධාරණය කළේය.

තරගය පිළිබඳ අදහස් දැක්වූ කමිඳු, “තරගයට පෙර අපට මේ තණතිල්ලෙන් ලකුණු 170ට වඩා ලබාගත හැකි වෙයි කියලා සිතුවා. නමුත් පිතිකරුවන්ට තණතිල්ලෙන් එතරම් සහයක් ලැබුණේ නැහැ. එහෙත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා සහ අංක තුන, හතර පිතිකරුවන් දැමු අඩිතාලම මත අපට තරගය ජයග්‍රහණය කරා ගෙන යාමට හැකි වුණා,” යැයි පැවසීය.

“කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය අපගේ ලකුණු පුවරුවට වැදගත් වුණා. ඔහු සමඟ මම පිටියට පිවිසෙද්දී අපි දෙදෙනා දීර්ඝ සබඳතාවයක් ගොඩනඟමු කියලා කතා කරගත්තා. එය සාර්ථක වීම පිළිබඳ සතුටුයි,” යැයි ද ඔහු සඳහන් කළේය.

තවද, “කලකට පසු ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන රටට කීර්තිය ලබාදීමට හැකි වීම සතුටක්,” යැයි කමිඳු පැවසීය.

මෙම තරගයේදී මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර සහ මතීෂ පතිරණ දැක්වූ පන්දු යැවීම ලොව ඉහළම මට්ටමක පැවති බවත්, ඉදිරිපෙළ සහ මැදපෙළ පිතිකරුවන්ගේ දායකත්වය ජයග්‍රහණයට හේතු වූ බවත් ඔහු සඳහන් කළේය.

“මූලික වටයේ ඉදිරියේ පැවැත්වෙන තරග තුන තරගයෙන් තරගයට සැළසුම් සහගතව සාර්ථක කරගැනීම අපගේ අපේක්ෂාවයි. මේ වන විට කණ්ඩායම යහපත් මානසික මට්ටමක පවතිනවා,” යැයිද කමිඳු මෙන්ඩිස් පැවසීය.

තරගයට පෙර ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් එක්ව ගත් තීරණ සාර්ථක වීම ජයග්‍රහණයේ ප්‍රධාන හේතුවක් වූ බවත්, දුනිත් වෙල්ලාලගේ අංක පහ ස්ථානයට යැවීම වැනි තීරණ සාර්ථක වූ බවත් ඔහු සඳහන් කළේය.

“දඟපන්දු යවන්නන්ට වාසිදායක තණතිල්ලක අපගේම ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ ක්‍රීඩා කිරීමත් අපගේ සාර්ථකත්වයට හේතු වුණා. අයර්ලන්තය දක්ෂ සහ ගෞරවයට සුදුසු කණ්ඩායමක්. ඔවුන්ගේ පිතිහරඹය බිඳ දැමීමට මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංගගේ පන්දු යැවීම විශේෂ වුණා,” යැයිද කමිඳු පැවසීය.

අවසානයේ, “දැන් කණ්ඩායමේ අවධානය ඕමානය, ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන මීළඟ මූලික වටයේ තරග වෙත යොමුවී තිබෙනවා. එම තරගත් ජයගෙන රටට ගෞරවයක් සහ කීර්තියක් අත්කර දීමටයි අපගේ අරමුණ,” යැයි කමිඳු මෙන්ඩිස් වැඩිදුරටත් පැවසීය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee