slc
logo
Home   |    News
පෙබරවාරි 3, 2026
ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – කමිඳුට කැඳවුම්

sinhala editor

පෙබරවාරි මස 07 වැනිදා ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත්ත තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ව ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවනු ලබයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරවීමේ අරමුණින් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි ධනංජය ද සිල්වාට, කමිඳුගේ ආගමනයත් සමග කණ්ඩායමේ ඉඩ අහිමිව තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිිය ලබන මාර්තු මස 08 වැනිදා අවසන් වනු ඇත. තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයට පෙබරවාරි මස 08 වැනි දින අයර්ලන්ත කණ්ඩායම සමගින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී තරග වැදීමට නියමිතය.  

ශ්‍රී ලංකා කණ්ඩායම

  1. දසුන් ශානක
  2. පැතුම් නිස්සංක
  3. කමිල් මිශාර
  4. කුසල් මෙන්ඩිස්
  5. කමිදු මෙන්ඩිස්
  6. කුසල් ජනිත් පෙරේරා
  7. චරිත් අසලංක
  8. ජනිත් ලියනගේ
  9. පවන් රත්නායක
  10. වනිඳු හසරංග
  11. දුනිත් වෙල්ලාලගේ
  12. මහීෂ් තීක්ෂණ
  13. දුෂ්මන්ත චමීර
  14. මතීෂ පතිරණ
  15. එෂාන් මාලිංග

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee