slc
logo
Home   |    News
පෙබරවාරි 13, 2026
ලොකු පහර වලට වඩා උත්සාහ කළේ දුවලා ලකුණු ගන්න – පවන් රත්නායක

sinhala editor

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් දැනට වාර්තා කළ වැඩිම ලකුණු ගණන සටහන් කළ ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ ඕමානය පරදා ලකුණු 105ක දැවැන්ත ජයක් වාර්තා කළේය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ‍යේදී ඊයේ පැවැති තරග‍යේ කාසියේ වාසිය ඕමාන පිල සතුවී මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට ලබා දීමෙන් ඕවර් 20කදී කඩුලු 5ක් දැවී ලකුණු 225ක් වාර්තා විය. ඕවරයකට ලකුණු 11. 25ක දල වේගයකින් ඉලක්කය සම්පූර්ණ කළ යුතු ඕමාන ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 120කට දැවී ගියහ. මෙවර තරගාවලියේ පිට පිට දෙවැනි ජය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ‘බී‘ කාණ්ඩයේ ලකුණු සටහනේ ඉහළටම පැමිණියහ.

පන්දු 28කදී හතරේ පහර 8ක් හා හයේ පහරක් සමග ලකුණු 60ක් ලබා තරගයේ වීරයා සම්මානය දිනාගත් පවන් රත්නායකගේ ඉනිම ඉතාමත් “කාර්යබහුල” ඉනිමක් විය. ඔහු එක් ලකුණ බැගින් ලකුණු දහයක් සහ ලකුණු දෙක බැගින් හයක් මෙම තරගයේ එල්ල කිරීම කැපී පෙණුනි. ඔහුගේ ලකුණු වලින් 36% ක්ම ලැබුණේ පන්දු රකින්නන් අතර හිඩැස් සොයා ගැනීමෙනි.

“පළමු පවර්ප්ලේ එකෙන් පස්සේ, හතරේ පහරවල්වලට යන්න කලින් මමත් සහ කුසල් අයියාත් දඟ පන්දු යවන්නන්ට එරෙහිව තනි ලකුණු සහ ලකුණු 2 බැගින් ලබා ගන්න බලමු කියලා කතා කළා. අපි බැලුවේ පළමු පවර් ප්ලේ එක ඉවර වුණාම ලොකු පහරවල්වලට යන්න කලින් දුවලා ලකුණු ගන්න. අපි ප්ලෑන් කළේ ඉක්මන් ලකුණු අරගෙන පහර දෙන්න. ඒ අතරේ හතරේ හයේ ඒවා ලැබුණාම ලකුණු වේගය වැඩි වුණා“ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී පවන් රත්නායක පැවැසීය.

මෙම තරගයේදී දසුන් ශානක පන්දු 19කින් අර්ධ ශතකයක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස්  පන්දු 45කදී හත‍රේ පහර 7ක් සමඟ ලකුණු 61ක් වාර්තා කරමින් තම 19 වැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

“එදා පළමු තරගයේදී තණතිල්ලට ගියාම මට ලකුණු ආ‍වේ නෑ. ඒ නිසා මම ටිකක් කළබල වුණා. අද ඒ සියල්ල අමතක කරලා ඕමානය සමඟ තරගයට ක්‍රීඩා කළා. අර්ධ ශතකයක් ලැබීම සතුටුයි. ඊළඟ තරගයේදීත් හොඳන් කරනවා. මම තණතිල්ලට ගියාම ඉක්මණින් අධ්‍යයනය කරන්න ටිකක් වෙලා ගන්නවා. සාමාන්‍ය දේ මම කරන්නේ මම දන්න දේ. එයට වඩා යමක් නෑ“ පවන් පැවැසීය.

“ඇත්තටම මම දඟ පන්දුවට හොදින් පහර දෙන්න බලනවා. පුහුණුවීම් වලදීත් ඒකමයි බලන්නේ. ඒක අද තරග‍යේදී කළා. ඕමාන පුහුණුකරු දුලිප් මෙන්ඩිස් මහතා ගැන මම අහලා තියෙනවා. ඔහු හොඳ පුහුණුකරුවෙක් වගේම දක්ෂ ක්‍රීඩකයෙක් කියලා. ඒ ව‍ගේ පුහුණුකරුවෙක් සිටි ඕමානයට එරෙහිව අර්ධ ශතකයක් ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා“ පවන් රත්නායක සඳහන් කළේය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee