slc
logo
Home   |    News
මාර්තු 7, 2026
මේජර් ලීග් තුන්දින ක්‍රිකට් සුපිරි අට වටයේ අහන් වික්‍රමසිංහ හා නිමේෂ ගුණසිංහ ශතක රැස් කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (6) ආරම්භ වූ සුපිරි 8 වටයේ පළමු තරග‍යේදී එන්සීසී පිලේ අහන් වික්‍රමසිංහ හා ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ නිමේෂ ගුණසිංහ ශතක රැස් කිරීමට සමත් වූහ.

එන්සීසී පිලේ අහන් වික්‍රමසිංහ සීසීසී පිලට එරෙහිව පන්දු 134කදී හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 102ක් ලබාගත් අතර, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ නිමේෂ ගුණසිංහ බ්ලුම්ෆීල්ඩ් පිලට එරෙහිව පන්දු 272කදී හතරේ පහර 15ක් සමඟ නොදැවී ලකුණු 148ක් රැස් කිරීමට සමත් වූවේය.

එමෙන්ම බීආර්සී පිලේ මොවින් සුබසිංහ ලකුණු 65ක්, පොලිස් ක්‍රීඩා සමාජයේ ධනුජ ඉදුවර නොදැවී ලකුණු 73ක්, එන්සීසී පිලේ නිරෝෂන් දික්වැල්ල ලකුණු 58ක්, කෝල්ට්ස් පිලේ ධනංජය ලක්ෂාන් ලකුණු 79ක් හා මුදිත ලක්ෂාන් ලකුණු 69ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ පවන්ත වීරසිංහ ලකුණු 65ක් හා කවිඳු කුලසේකර නොදැවී ලකුණු 54ක් ලබා අද දිනයේ අර්ධ ශතක එක් කළහ.

පන්දු යැවීමේදී මුවර්ස් පිලේ ශිරාන් ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 5ක් හා පොලිස් ක්‍රීඩා සමාජයේ දිලුම් සුධීර ලකුණු 85කට කඩුලු 5ක් බිදහෙලා දස්කම් දැක්වීය. හෙට (7) මෙම තරගවල දෙවැනි දිනයයි.

ලකුණු සාරාංශය

බීආර්සී පිල හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය කොළඹ සීසීසී ක්‍රීඩා පිටියේදී

බීආර්සී පිල පළමු ඉනිම ඕවර් 53කදී සියලු දෙනා දැවී ලකුණු 180

හෂාන් දුමින්ද 24, ප්‍රමෝද් මධුවන්ත 18, මොවින් සුබසිංහ 65, යසිරු රුද්‍රිගූ 24 ( දිලුම් සුධීර 85/5, නලීන් ප්‍රියදර්ශන 16/3)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 37කදී කඩුලු 3ක් දැවී ලකුණු 132

 ධනුජ ඉදුවර නොදැවී 73, රශ්මික හිරුෂාන් 22, අෂේන් බණ්ඩාර නොදැවී 21 (සහන් අදීෂ 14/1)

එන්සීසී හා සීසීසී අතර තරගය කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේදී

එන්සීසී පළමු ඉනිම ඕවර් 70. 5කදී සියලු දෙනා දැවී ලකුණු 274

නිරෝෂන් දික්වැල්ල 58, අහන් වික්‍රමසිංහ 102, චාමික කරුණාරත්න 39, අශේන් ඩැනියෙල් 17, චාමික ගුණසේකර 26‍ (දෙවිඳු රණතුංග 44/3, නිශාන් පීරිස් 64/2)

සීසීසී පළමු ඉනිම ඕවර් 6කදී කඩුල්ලක් දැවී ලකුණු 40

ලසිත් කෘස්පුල්‍ලේ නොදැවී 23, කමිඳු මෙන්ඩිස් නොදැවී 5 (චාමික කරුණාරත්න 31/1)

කෝල්ට්ස් හා මුවර්ස් පිල අතර තරගය මග්‍ගොන සරේ ක්‍රීඩා පිටියේදී

කෝල්ට්ස් පිල පළමු ඉනිම ඕවර් 63.3කදී සියලු දෙනා දැවී ලකුණු 288

සංගීත් කුරේ 19, දිනේෂ් චන්දිමාල් 20, ධනංජය ලක්ෂාන් 79, මුදිත ලක්ෂාන් 69, යොහාන් මෙන්ඩිස් 31, අකිල ධනංජය 26 (මිලාන් රත්නායක 63/3‍, ශිරාන් ප්‍රනාන්දු 46/5)

මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 10.1කදී කඩුල්ලක් දැවී ලකුණු 40

සදීර සමරවික්‍රම 18, ජනිෂ්ක පෙරේරා ‍නොදැවී 20 (උදිත් මධුෂාන් 6/1)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා බ්ලුම්ෆීල්ඩ් අතර තරගය රංගිරි දඹුලු ක්‍රීඩා පිටියේදී

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 90කදී කඩුලු 3ක් දැවී ලකුණු 338

පවන්ත වීරසිංහ 65, නිමේෂ ගුණසිංහ නොදැවී 148, තීරක රණතුංග 36,  කවිඳු කුලසේකර නොදැවී 54 (රවිඳු ප්‍රනාන්දු 75/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar