slc
logo
Home   |    News
මාර්තු 7, 2026
මේජර් ලීග් තුන්දින ක්‍රිකට් සුපිරි අට වටයේ අෂේන් බණ්ඩාර හා ජනිත් ලියනගේ ශතක රැස් කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන සුපිරි 8 වටයේ දෙවැනි දිනයවූ අද (7) පොලිස් ක්‍රීඩා සමාජයේ අෂේන් බණ්ඩාර හා  බ්ලුම්ෆීල්ඩ් පිලේ ජනිත් ලියනගේ ශතක රැස් කිරීමට සමත් වූහ.

පොලිස් ක්‍රීඩා සමාජයේ අෂේන් බණ්ඩාර පන්දු 232කදී හයේ පහර 2ක් හා හතරේ පහර 18ක් සමඟ ලකුණු 158ක්, බ්ලුම්ෆීල්ඩ් පිලේ ජනිත් ලියනගේ පන්දු 104කදී හයේ පහර 2ක් හා හතරේ පහර 13ක් සමඟ නොදැවී වේගවත් ලකුණු 100ක් වාර්තා කළහ.

එමෙන්ම ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ නිමේෂ ගුණසිංහ බ්ලුම්ෆීල්ඩ් පිලට එරෙහිව පන්දු 272කදී හතරේ පහර 15ක් සමඟ නොදැවී ලකුණු 148ක් ඊයේ රැස්කර සිටි අතර, අද දිනයේ ඔහු ලකුණු 161කට දැවී ගියේය.

ඊයේ පළමු දිනයේදී එන්සීසී පිලේ අහන් වික්‍රමසිංහ සීසීසී පිලට එරෙහිව පන්දු 134කදී හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 102ක් ලබා ගැනීමට සමත් විය.

අද දිනයේ අර්ධ ශතක ලබාගත් පිතිකරුවන් අතර, පොලිස් ක්‍රීඩා සමාජයේ ධනුජ ඉදුවර නොදැවී ලකුණු 76ක්, සීසීසී පිලේ සොනාල් දිනූෂ ලකුණු 86ක්, බ්ලුම්ෆීල්ඩ් පිලේ තරිඳු හර්ෂණ නොදැවී ලකුණු 52ක්, මුවර්ස් පිලේ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 71ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ පවන්ත වීරසිංහ ලකුණු 74ක් හා කවිඳු කුලසේකර ලකුණු 54ක් වාර්තා විය.

එන්සීසී පිලේ නිරෝෂන් දික්වැල්ල පළමු ඉනිමේදී ලකුණු 58ක් ලැබූ අතර, අද දිනය නිමාවෙද්දී ඔහු දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 50ක් ලබා සිටියේය.

බීආර්සී පිල යසිරු රැද්‍රිගූ පොලිස් ක්‍රීඩා සමාජයේ කඩුලු 5ක් ලකුණු 74කට බිදහෙලා දස්කම් දැක්වීය. හෙට (8) මෙම තරගවල අවසන් දිනයයි.

ලකුණු සාරාංශය

බීආර්සී පිල හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය කොළඹ සීසීසී ක්‍රීඩා පිටියේදී

බීආර්සී පිල පළමු ඉනිම ඕවර් 53කදී සියලු දෙනා දැවී ලකුණු 180

හෂාන් දුමින්ද 24, ප්‍රමෝද් මධුවන්ත 18, මොවින් සුබසිංහ 65, යසිරු රුද්‍රිගූ 24 ( දිලුම් සුධීර 85/5, නලීන් ප්‍රියදර්ශන 16/3)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 106.4කදී සියලු දෙනා දැවී ලකුණු 412

ධනුජ ඉදුවර නොදැවී 76, රශ්මික හිරුෂාන් 22, අෂේන් බණ්ඩාර 158, විශාද් රන්දික 48, සුපුන් මධුසංඛ 48 (සිතුක ගුණවර්ධන 151/2, යසිරු රැද්‍රිගූ 74/5)

බීආර්සී පිල ‍දෙවැනි ඉනිම ඕවර් 16කදී කඩුලු 2ක් දැවී ලකුණු 72

සමින්ද ප්‍රනාන්දු නොදැවී 48, යසිරු රුද්‍රිගූ ‍ොදැවී 8 ( දිලුම් සුධීර 26/1, නලීන් ප්‍රියදර්ශන 16/1)

එන්සීසී හා සීසීසී අතර තරගය කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේදී

එන්සීසී පළමු ඉනිම ඕවර් 70. 5කදී සියලු දෙනා දැවී ලකුණු 274

නිරෝෂන් දික්වැල්ල 58, අහන් වික්‍රමසිංහ 102, චාමික කරුණාරත්න 39, අශේන් ඩැනියෙල් 17, චාමික ගුණසේකර 26‍ (දෙවිඳු රණතුංග 44/3, නිශාන් පීරිස් 64/2)

සීසීසී පළමු ඉනිම ඕවර් 62.4කදී සියලු දෙනා දැවී ලකුණු 262

ලසිත් කෘස්පුල්‍ලේ 28, ධනංජය ද සිල්වා 36, පවන් රත්නායක 24, සොනාල් දිනූෂ 86, දෙවිඳු රණතුංග 29 (ශක්ති උදාර 68/2, චාමික ගුණසේකර 46/2, සහන් ආරච්චිගේ 7/2)

එන්සීසී දෙවැනි ඉනිම ඕවර් 19කදී කඩුල්ලක් දැවී ලකුණු 103

නිරෝෂන් දික්වැල්ල නොදැවී 50,  ළහිරු උදාර 45 (දෙවිඳු රණතුංග 38/1)

කෝල්ට්ස් හා මුවර්ස් පිල අතර තරගය මග්‍ගොන සරේ ක්‍රීඩා පිටියේදී

කෝල්ට්ස් පිල පළමු ඉනිම ඕවර් 63.3කදී සියලු දෙනා දැවී ලකුණු 288

සංගීත් කුරේ 19, දිනේෂ් චන්දිමාල් 20, ධනංජය ලක්ෂාන් 79, මුදිත ලක්ෂාන් 69, යොහාන් මෙන්ඩිස් 31, අකිල ධනංජය 26 (මිලාන් රත්නායක 63/3‍, ශිරාන් ප්‍රනාන්දු 46/5)

මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 54.3කදී සියලු දෙනා දැවී ලකුණු 173

සදීර සමරවික්‍රම 18, ජනිෂ්ක පෙරේරා ‍44, පසිඳු සූරියබණ්ඩාර 71 (උදිත් මධුෂාන් 34/4, කවිෂ්ක අංජුල 47/2, ධනංජය ලක්ෂාන්  23/2, අකිල ධනංජය 31/2)

කෝල්ට්ස් පිල දෙවැනි ඉනිම ඕවර්  37කදී කිසිවෙකු නොදැවී ලකුණු 89

සංගීත් කුරේ නොදැවී 41, රවිඳු රසාන්ත ‍නොදැවී 40

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා බ්ලුම්ෆීල්ඩ් අතර තරගය රංගිරි දඹුලු ක්‍රීඩා පිටියේදී

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 122.3කදී සියලු දෙනා දැවී ලකුණු  436

පවන්ත වීරසිංහ 74, නිමේෂ ගුණසිංහ 161, තීරක රණතුංග 36,  කවිඳු කුලසේකර 54, රවීන් ද සිල්වා නොදැවී 38, රොෂාන් ජයතිස්ස 24 (රවිඳු ප්‍රනාන්දු 82/2, ජෙෆ්රි වැන්ඩර්සේ 116/4, දෙවිඳු තිලකරත්න 68/2)

බ්ලුම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 48කදී කඩුලු 3ක් දැවී ලකුණු 230

කසුන් අබේරත්න 39, රොන් චන්ද්‍රගුප්ත 27, ජනිත් ලියනගේ නොදැවී 100, තරිඳු හර්ෂණ නොදැවී 52 ( ඉසිත විජේසුන්දර 67/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee