slc
logo
Home   |    News
අප්‍රේල් 3, 2026
අන්තර් සමාජ තෙදින දක්ෂතම ක්‍රීඩකයා වනුජ සහන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් සමාජ ප්‍රධානතම තෙදින ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමාවට පත්වූයේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ශූරතාව දිනාගනිමිනි.  කණ්ඩායම් 14ක් සහභාගී වූ මෙම තරගාවලිය A සහ B ලෙස කාණ්ඩ දෙකක් යටතේ ආරම්භ වූ අතර, එහි පළමු වටයෙන් ඉදිරියට පැමිණි කණ්ඩායම් 8ක් සුපිරි 8 වටයට තේරී පත් විය.

සුපිරි 8 වටයේ දැක්වූ විශිෂ්ට ක්‍රීඩා ප්‍රදර්ශනය හේතුවෙන් කෝල්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 72.765ක් ලබා ගනිමින් ශූරතාව හිමිකරගත් අතර, ඒස් කැපිටල් කණ්ඩායම 71.795ක් සමඟින් දෙවැනි ස්ථානයත්, මුවර්ස් කණ්ඩායම 58.635ක් සමඟින් තෙවැනි ස්ථානයත් දිනාගත්හ.

මෙම තරගාවලිය තරග 67කින් සමන්විත වූ අතර, ඉනිම් 222ක් තුළ ලකුණු 57,147ක් රැස්වීමත් සමඟින් ක්‍රීඩකයන්ගේ ප්‍රබල දක්ෂතා ඉස්මතු විය. එහිදී ද්විත්ව ශතක 8ක්, ශතක 82ක් සහ අර්ධ ශතක 268ක් වාර්තා වීම කැපී පෙනේ. හතරේ පහර 5,407ක් සහ හයේ පහර 691ක් ද වාර්තා වූ අතර, පන්දු 95,836ක් තුළ කඩුලු 1,793ක් බිඳ වැටුණි.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස ඒස් කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් නම් කරනු ලැබීය. ඔහු තරග 10කදී ලකුණු 484ක් ලබා ගනිමින් කඩුලු 54ක් ද දවාගනිමින් තුන් ඉරියව් දක්ෂතා පෙන්වා දුන්නේය. ඔහුගේ 153 ලකුණු ඉනිම සහ කඩුලු 5ක් බැගින් ලබාගත් අවස්ථා කිහිපයක් ඔහුගේ දක්ෂතාව තවදුරටත් තහවුරු කළේය.

තරගාවලියේ හොඳම පිතිකරු ලෙස එන්.සී.සී. කණ්ඩායමේ ලහිරු උදාර තේරී පත් වූ අතර, ඔහු ලකුණු 908ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභියා බවට පත්විය. පොලිස් කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 261ක් මෙම තරගාවලියේ ඉහළම පුද්ගලික ඉනිම ලෙසද සටහන් විය.

පන්දු යැවීමේ අංශයෙන් පොලිස් කණ්ඩායමේ දිලුම් සුදීර කැපී පෙනුණි. ඔහු කඩුලු 61ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්විය. පානදුර කණ්ඩායමට එරෙහිව ලබාගත් කඩුලු 11ක් (තරගයක) ඔහුගේ විශිෂ්ටතම දක්ෂතාව ලෙස සැලකේ.

තරගාවලියේ සුවිශේෂී වාර්තා අතර එන්.සී.සී. කණ්ඩායම විසින් ලකුණු 631/9ක් රැස් කිරීම, කණ්ඩායම් දෙකක් එක්ව ලකුණු 1086ක් රැස් කිරීම සහ 1000ට අධික සමස්ත ලකුණු වාර්තා වූ අවස්ථා 10ක් ඇතුළත් වේ. එමෙන්ම ටැමිල් යුනියන් කණ්ඩායමේ ලහිරු සමරකෝන් 7/38 ලෙස ඉනිමක හොඳම පන්දු යැවීමත්, 13/82 ලෙස තරගයක හොඳම පන්දු යැවීමත් වාර්තා කළේය.

මෙවර තරගාවලිය ක්‍රීඩකයන්ගේ ඉහළ මට්ටමේ දක්ෂතා, තරගකාරීත්වය සහ ක්‍රීඩා ආත්මය නිරූපණය කළ සාර්ථක තරගාවලියක් ලෙස සලකන්නට හැකිය. මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික, තරග සංවිධාන කමිටුවේ සභාපති නලින් අපෝන්සු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ එස්. එස්. සී. ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට තරගාවලි සංවිධායක කමිටු ලේකම් කසුන් ප්‍රනාන්දු, තරගාවලි සංවිධාන කමිටු සාමාජික මාලන් ප්‍රනාන්දුපුල්ලේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම ජයසංඛේත ප්‍රධානයට සමගාමීව ටියර් ‘බී‘ කොටසේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ද කුසලාන සහ ත්‍යාග ලබාදීම සිදුකෙරුණු අතර එහිදී දක්ෂතම  පන්දු යවන්නා ලෙසින් නාවික ක්‍රීඩා සමාජයේ ඩිලංක අවුරත් ද, දක්ෂතම පිතිකරු ලෙස සිංහල ක්‍රීඩා සමාජයේ නිපුන් ධනංජය ද සහ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් යුද හමුදා ක්‍රීඩා සමාජයේ ශෙහද සොයිසාද සම්මාන දිනා ගත්හ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee