slc
logo
Home   |    News
අප්‍රේල් 29, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව නම් කෙරෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වීමත් සමග, ආයතනයේ පරිපාලන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සාමාජික 9 දෙනකුගෙන් යුත් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කර ඇත. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල අනුව, මෙම පත්කිරීම ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් සිදු කර තිබේ.

අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත් කර ඇති අතර, සෙසු සාමාජිකයන් ලෙස සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, ප්‍රකාශ් ශාෆ්ටර්, ඩිනාල් පිලිප්ස්, උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල යන මහත්වරුන් සහ අවන්ති කොළඹගේ මෙනවිය පත් කර ඇත.

මෙම කමිටුවේ සාමාජිකයන් අතරින් සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර යන මහත්වරු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව, 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර, අතුරු කමිටුව පත් කිරීමෙන් පසු ආයතනයේ පරිපාලන බලය එම කමිටුවට භාර වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee