slc
logo
Home   |    News
මැයි 5, 2026
කවිඳු පතිරත්නගේ පන්දු හමුවේ කොළඹ පිල ලකුණු 146කට දැවී යයි

sinhala editor

දඹුල්ල පිලේ දකුණත් මඳවේග පන්දු යවන කවිඳු පතිරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පීඩනයට ලක්වූ කොළඹ පිලේ පළමු ඉනිම ලකුණු 146කට සීමාවූ හෙයින් අද දෙවැනි දිනට තරගය නතර කරද්දී දඹුල්ල පිල කඩුලු 4ක් අතැතිව ලකුණු 183ක් ඉදිරියෙන් සිටියේය. මෙම සිව්දින තරගයේ දින දෙකක් අවසානයේ තුන්වන ඉනිම ද ක්‍රියාත්මක වෙමින් පවතින හෙයින් තරගය විවෘත මුහුණුවරක් ගෙන තිබේ.

තරගයේ දෙවැනි දිනය වූ අද දිනය ඇතුළත දෙපිළේම දැවී ගිය කඩුලු සංඛ්‍යාව 14 ක් විය. ඒ කොළඹ කණ්ඩායමේ කඩුලු 8 ක් සහ දඹුලු කණ්ඩායමේ දෙවැනි ඉනිමේ කඩුලු 6 ක් වශයෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මුහුණ ‍දුන් දඹුල්ල පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 222ට පිළිතුරු ලෙස ඊයේ පළමු දිනය නිමාවෙද්දී කොළඹ පිල කඩුලු 2ක් දැවී ලකුණු 12ක් ලබා තරමක් අසීරු අඩියකට වැටී සිටි අතර, අද තවත් ලකුණු 134ක් එක්වෙද්දී සියලු දෙනා දැවී ගියහ. ‍

කොළඹ පිලේ මුල් පිතිකරුවන් හය දෙනාම ලකුණු 89කට දැවී ගිය අතර, එයින් එකක් දුවද්දී දැවීයෑමක් වූ අතර, අනෙක් මුල් පෙළේ කඩුලු පහම කවිඳු පතිරත්නගේ ගොඳුරු බවට පත් වූහ. කොළඹ පිලේ බලාපොරොත්තු සහගත පිතිකරුවන් වූ රවිඳු රසාන්ත, නුවනිඳු ප්‍රනාන්දු, සාරුජාන් ෂන්මුගනාදන් හා ජනිත් ලියනගේ යන ක්‍රීඩකයින් කවිඳු පතිරත්නගේ පන්දු හමුවේ දැවී ගියහ. කොළඹ රාජකීය විදුහ‍ලෙන් බිහිවූ 23 හැවිරිදි පතිරත්න ඕවර් 13ක් යවා ලකුණු 51කට කඩුලු 5ක් බිඳහෙළූ අතර, අකිල ධනංජය ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ‍යේදී අද දෙවැනි දිනට තරගය නතර කරද්දී ‍දෙවැනි ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල  පිල ‍කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබා සිටියේය. දඹුල්ල පිලේ පළමු කඩුලු දෙක ලකුණු 73ක් තුල දැවී‍ගොස් තිබුණද ඉතිරි කඩුලු 4 ලකුණු 24ක් තුල දවා ගැනීමට කොළඹ පිල සමත් විය. දිනය නිමාවීමට ආසන්නව තිබියදී ‍සොනාල් දිනූෂ ලකුණු 12කට දැවීයෑමත් සමඟ දින‍යේ ක්‍රීඩාව අවසන් විය. පන්දු යැවීමේදී මඳ වේග පන්දු යවන චමෝද් බැට්ටගේ ලකුණු 21කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් විය.

තවමත් ශූරතාවක් දිනා නැති කොළඹ පිල ශූරතාව සොයා පිටියට පිවිසෙද්දී, පසුගියවර අනුශූර දඹුල්ල පිල මෙවර ශූරතාව පිළිබඳ විශාල බලාපොරොත්තු රඳවා ඇති හෙයින් තරගය උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

‍හෙට (6) තරගයේ ‍තෙවැනි දිනයයි.

දඹුල්ල පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 222 (ඕවර් 70) – ලසිත් කෘස්පුල්ලේ 16, ධනංජය ද සිල්වා 15, පවන් රත්නායක 39, විශාද් රන්දික 23, සොනාල් දිනූෂ 51, අංජල බණ්ඩාර 40, ප්‍රමෝද් මධුෂාන් 39/1, ධනංජය ලක්ෂාන් 42/2, ජනිත් ලියනගේ 18/2, ප්‍රභාත් ජයසූරිය 54/4 )

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 146 (ඕවර් 44.3) – ප්‍රභාත් ජයසූරිය 19, සාරුජාන් ෂන්මගනාදන් 44, චරිත් අසලංක 27, කවීජ ගමගේ 25, දුෂාන් හේමන්ත 14, කවිඳු පතිරත්න 51/5, අකිල ධනංජය 17/3)

දඹුල්ල පිල දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 107 (ඕවර් 34.3) – විෂාද් රන්දික 21, නිශාන් මධුෂ්ක 43, ලසිත් කෘස්පුල්ලේ 14, ධනංජය ද සිල්වා 5, සොනාල් දිනූෂ 12, අංජල බණ්ඩාර ‍නොදැවී 5, ජනිත් ලියනගේ 35/1, ප්‍රභාත් ජයසූරිය 1/1, චමෝද් බැට්ටගේ 21/4)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee