slc
logo
Home   |    News
මැයි 30, 2026
ගුවන් හමුදාව – ලන්කන් – සහ ඕල්ඩ් ධර්මපාලියන්ස්ට ජය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ගවනර්ස් කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (29) පැවැති තරග අතරින් ජයග්‍රහණ හිමිකර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ලන්කන් ක්‍රිකට් සමාජය සහ ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායම අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය කඩුලු 6කින් පරාජය කළ අතර, දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී ගුවන් හමුදාව සරසන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළේය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලන්කන් ක්‍රිකට් සමාජය මහනුවර තරුණ ක්‍රිකට් සමාජය ලකුණු 85කින් පරාජය කළේය.

අයහපත් කාලගුණික තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් යුනිචෙලා සහ කඳුකර ක්‍රිකට් සමාජ අතර තරගය, කෘෂේඩර්ස් සහ සඳලංකා ක්‍රිකට් සමාජ අතර තරගය මෙන්ම කළුතර නගර සමාජ කණ්ඩායම සහ ඕල්ඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජය අතර තරගයද පවත්වා ගැනීමට නොහැකි විය.

ගුවන් හමුදාවට වේගවත් ජයක්

සරසන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 118ක් ලබාගත් අතර, එම ඉලක්කය හඹා ගිය ගුවන් හමුදා කණ්ඩායම පන්දුවාර 11.5කදී කඩුලු 5ක් පමණක් අහිමි කරමින් ජයග්‍රහණය තහවුරු කළේය. ලෙස්ටර් ජයවීර ලකුණු 49ක් ලබාගත් අතර, මධුශංක ප්‍රේමරත්න වේගවත් ලකුණු 22ක් රැස් කළේය. ඔහු පන්දු යැවීමේදීද කඩුලු දෙකක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 20ක දී කඩුලු 8ක් දැවී ලකුණු 118 යි – (අනුෂ්ක පෙරේරා 38, චතුර පීරිස් 29*, නිලංක ප්‍රේමරත්න 25/2, මධුශංක ප්‍රේමරත්න 34/2)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පන්දුවාර 11.5ක දී කඩුලු 5ක් දැවී ලකුණු 119 යි –  (ලෙස්ටර් ජයවීර 49, මධුශංක ප්‍රේමරත්න 22, චාමර ප්‍රනාන්දු 17*, අමිත දාබරේ 6/1, අනුෂ්ක පෙරේරා 10/1, ජනක සම්පත් 16/1)

කළණ මධුශංකගේ අපරාජිත ඉනිමෙන් ලන්කන් සීසී ජයගනී

පන්දුවාර 24කට සීමා වූ තරගයේදී ලන්කන් ක්‍රිකට් සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 173ක් රැස් කළේ කළණ මධුශංකගේ විශිෂ්ට පිතිහරඹය මතය. ඔහු පන්දු 80කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 86ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර තරුණ ක්‍රිකට් සමාජයට පන්දුවාර 24 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88ක් පමණි. එමගින් ලන්කන් කණ්ඩායමට ලකුණු 85ක පහසු ජයක් හිමි විය.

ලන්කන් ක්‍රිකට් සමාජය පන්දුවාර 24ක දී කඩුලු 3ක් දැවී ලකුණු 173 යි –  (කළණ මධුශංක නොදැවී 86, ගැවින් බොතේජු 25, සහන් කෞෂල්‍ය 21, පැතුම් මෙන්ඩිස් 20, රුවන් පුෂ්පකුමාර 31/1, සේසත් තිලකරත්න 37/1, බිමාෂ් සමරසිංහ 38/1)

මහනුවර තරුණ ක්‍රිකට් සමාජය පන්දුවාර 24ක දී කඩුලු 6ක් දැවී ලකුණු 88 යි –  (චාරුක අයේෂාන් 26*, මොහොමඩ් රිෆාස් 20, මංගල ප්‍රදීප් 8/3, සහන් කෞෂල්‍ය 30/2)

ඕල්ඩ් ධර්මපාලියන්ස්ට කඩුලු 6ක ජයක්

පළමුව පන්දුවට පහරදුන් අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 36.4කදී සියලු දෙනා දැවී ලකුණු 134ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායම පන්දුවාර 23.5කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 136ක් ලබාගනිමින් ජය තහවුරු කළේය.

තරිඳු ලක්ෂාන් ලකුණු 51ක් සහ ජනිඳු ජයවර්ධන ලකුණු 39ක් රැස් කරමින් ජයග්‍රහණයට මූලික දායකත්වය ලබා දුන්හ. පන්දු යැවීමේදී කඩුලු දෙකක් දවා ගත් විරංග යෙෂාන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කෙරිණි..

 අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 36.4ක දී සියල්ල දැවී ලකුණු 134 යි – (නෙක්ෂ ඉද්දමල්ගොඩ 24, සමිඳු මධුරංග 22, පැතුම් බොතේජු 18, ගීත් සංඛපාල 13/2, විරංග යෙෂාන් 16/2, රුචිර සිල්වා 22/2 නිශාන් පෙරේරා 28/2)

ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 23.5ක දී කඩුලු 4ක් දැවී ලකුණු 136 යි –  (තරිඳු ලක්ෂාන් 51, ජනිඳු ජයවර්ධන 39, චාමික සඳරුවන් 30/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee