slc
logo
Home   |    News
මැයි 3, 2026
ශ්‍රී ලංකා පිල ජුනි-ජූලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක

sinhala editor

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි සහ ජූලි මාසහන්හිදී බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරත වීමට නියමිත අතර එහිදී එක්දින, විස්සයි-20 සහ ටෙස්ට් යන ආකෘති සියල්ලම ආවරණය වන පරිදි ද්වීපාර්ශ්වික ක්‍රිකට් තරග මාලාවකට සහභාගිවීමට නියමිතය.

මෙම සංචාරය යටතේ එක්දින අන්තර්ජාතික තරග 3 ක්, විස්සයි-20 අන්තර්ජාතික තරග 3 ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත් වේ. එක්දින තරගාවලියෙන් තරගාවලිය ආරම්භ වන අතර අනතුරුව තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය පැවැත්වෙනු ඇත. අවසානයේ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය පැවැත්වෙනු ඇත.

මෙම ටෙස්ට් තරග 2 ට පෙර දෙපිළ ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මස 18 සිට21 වැනිදා දක්වා කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇඟ උණුසුම් කිරීම සඳහා වූ සිව්දින තරගයකට සහභාගිවීමට නියමිතය. මෙය දින 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර සූදානම්වීම සඳහා වැදගත් පියවරක් ලෙස සැකේ.

එක්දින සහ විස්සයි-20 තරඟ සියල්ලම සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වන අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම ටෙස්ට් තරග ජූනි මස 25 වැනිදා සිට ජූලි මස 07 වැනිදා දක්වා පැවැත්වෙන ඇත.

ජූනි 3 – පළමු එක්දින තරඟය සබීනා පාක්හිදි

ජූනි 6 – දෙවන එක්දින තරඟය සබීනා පාක්හිදී

ජූනි 8 – තෙවන එක්දින තරඟය සබීනා පාක්හිදී

ජූනි 11 – පළමු විස්සයි-20 තරඟය සබීනා පාක්හිදී

ජූනි 13 – දෙවැනි විස්සයි-20 තරගය සබීනා පාක්හිදී

ජූනි 14 – තෙවැනි විස්සයි-20 තරගය සබීනා පාක්හිදී

ජූනි 18–21 – සිව්දින පුහුණු තරඟය කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

ජූනි 25–29 – පළමු ටෙස්ට් තරඟය ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී

ජූලි 3–7 – දෙවන ටෙස්ට් තරඟය ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee