slc
logo
Home   |    News
ජූනි 23, 2026
කොදෙව් නැගීඑන ක්‍රීඩකයෝ එක්දින තරගාවලියේ පෙරමුණ ගනිති

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම අතර අද (23දා) ආරම්භ වූ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන්ම සත්කාරක ශ්‍රී ලංකා පිල පරදවා කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට සංචාරක කොදෙව් පිල සමත් විය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් එක් පිලකට පන්දුවාර 36 බැගින් සීමා කෙරිණි. මෙම තරගය මුලින් ඊයේ (22දා) පැවැත්වීමට නියමිතව තිබුණද අයහපත් කාලගුණය හේතුවෙන් එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි වීම නිසා අද දිනට කල් තැබිණි.

කාසියේ වාසිය දිනූ කොදෙව් නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගීඑන පිල පන්දුවාර 33.4 කදී සියලු දෙනා දැවී ලකුණු 184ක් රැස් කළේය. එහිදී නිපුන් ධනංජය ලකුණු 65ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධානතම පිතිකරු බවට පත්වූ අතර සිනෙත් ජයවර්ධන ලකුණු 32ක් සහ අසිත වන්නිනායක ලකුණු 23ක් එක් කළහ. රනේෂ් සිල්වා ද ලකුණු 21ක දායකත්වයක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබාදීමට හැකි වූ අතර අසිත වන්නිනායක සහ සිනෙත් ජයවර්ධන දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41කදී ලකුණු 30ක සබඳතාවක් ගොඩනැගූහ. ඉන් අනතුරුව නිපුන් ධනංජය සහ රනේෂ් සිල්වා තෙවැනි කඩුල්ලට පන්දු 55කදී ලකුණු 66ක වැදගත් සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. කෙසේ වෙතත් අවසන් අදියරේදී ශ්‍රී ලංකා පිතිකරණය බිඳ වැටුණු අතර අවසන් කඩුලු 4ම ලකුණු 9ක් ඇතුළත දැවී යාම හේතුවෙන් ඉනිම ලකුණු 184කට සීමා විය.

කොදෙව් පන්දු යවන්නන් අතර ජේඩියා බ්ලේඩ්ස් ලකුණු 42කට කඩුලු 3ක් දවාගත් අතර, සිෂාන් මොටාරා ලකුණු 32කට කඩුලු 2ක් සහ රනෙයිකෝ ස්මිත් ලකුණු 25කට කඩුලු 2ක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම පන්දුවාර 31කදී කඩුලු 8ක් දැවී ලකුණු 185ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය. එහිදී ඩමෙල් එව්ලින් ලකුණු 77ක් සහ කෙව්ලොන් ඇන්ඩර්සන් ලකුණු 58ක් රැස් කරමින් කොදෙව් ඉනිම ජයග්‍රහණය කරා මෙහෙයවූහ.

කොදෙව් ඉනිමේ පළමු කඩුලු 3ම ලකුණු 35ක් ඇතුළත බිඳ වැටුණු අවස්ථාවේදී තරගයේ පාලනය ශ්‍රී ලංකාව සතුව තිබුණි. එහෙත් එම අර්බුදකාරී අවස්ථාවේදී සිව්වැනි කඩුල්ලට එක්වූ ඇන්ඩර්සන් සහ එව්ලින් පන්දු 105කදී ලකුණු 110ක විශිෂ්ට සබඳතාවක් ගොඩනඟමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම සකස් කළහ.

කෙසේ වෙතත් කවීජ ගමගේ විසින් ඇන්ඩර්සන් ලකුණු 58කට දවාගැනීමත් සමඟ ශ්‍රී ලංකාව නැවතත් තරගයට අවතීර්ණ විය. එම කඩුල්ලෙන් අනතුරුව තවත් කඩුලු 3ක් ද ප්‍රතිවාදී ඉනිමේ බිඳ වැටුණු අතර එම කඩුලු තුනම කවීජ ගමගේ විසින්ම දවා ගත්තේය. එම දක්ෂ පන්දු යැවීමත් සමඟ එක් අවස්ථාවක කොදෙව් ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 180ක් ලෙස සටහන් විය.

කඩුලු 4 ක් දැවී ගියද තරගය දෙපිළටම විවෘත වන තත්ත්වයක් නිර්මාණය නොවුණේ ඒ වන විටත් ආරක්ෂා කිරීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව සතුව නොතිබීම හේතුවෙනි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර කැපී පෙනෙන දස්කම් දැක්වූ කවීජ ගමගේ ලකුණු 18කට කඩුලු 4ක් දවාගත් අතර, ට්‍රෙවීන් මැතිව් ලකුණු 30කට කඩුලු 3ක් සහ අක්මාල් ෆස්ලි ලකුණු 20කට කඩුල්ලක් දවාගත්තේය.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පන්දුවාර 33.4 කදී සියලු දෙනා දැවී ලකුණු 184 යි – (සිනෙත් ජයවර්ධන 32, විශේන් හැළඹගේ 05, අසිත වන්නිනායක 23, නිපුන් ධනංජය 65, රනේෂ් සිල්වා 21, කවීජ ගමගේ 11, දිනුර කලුපහන, ඉනූක කරන්නාගොඩ 11, ට්‍රෙවීන් මැතිව් 04, අක්මාල් ෆාස්ලි 02*, කුගදාස් මාතුලන් 00, ජේඩියා බ්ලේඩ්ස් 42/3, සිෂාන් මොටාරා 32/2, රනෙයිකෝ ස්මිත් 25/2)

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම පන්දුවාර 31 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 185 යි – (ඩමෙල් එව්ලින් 77, කෙව්ලොන් ඇන්ඩර්සන් 58, රිවාල්ඩෝ ක්ලාක් 12, ට්‍රෙවීන් මැතිව් 30/3, කවීජ ගමගේ 18/4, අක්මාල් ෆස්ලි 20/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee