slc
logo
Home   |    News
ජූනි 10, 2026
පාසල් ක්‍රිකට් තරු ජාතික තලයට කැඳවන ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 12 ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ජාතික වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සඳහා අනාගත දක්ෂයින් හඳුනා ගැනීමේ වැදගත් වේදිකාවක් ලෙස සැලකෙන වයස අවුරුදු 19න් පහළ ‘ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට්‘ 2026තරගාවලිය හෙට (12 වැනිදා) කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මෙහෙයවීම යටතේ සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා මහනුවර, කොළඹ දකුණ, කොළඹ උතුර, ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම් පහ සහභාගි වෙති. පාසල් මට්ටමේ දක්ෂ ක්‍රීඩකයින්ට ජාතික තලය කරා පිවිසීමට අවස්ථාව සලසා දෙන මෙම තරගාවලිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගණ 5 ක් මුල්කරගනිමින් පැවැත්වේ.

සමාරම්භක දිනයේදී මහනුවර සහ ගාල්ල කණ්ඩායම් කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී තරග වදින අතර, කොළඹ උතුර සහ කොළඹ දකුණ කණ්ඩායම් පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී එකිනෙකා හමුවීමට නියමිතය.

පළමු වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර,්‍, අවසන් පූර්ව වටයේ තරග 19 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරගය 21 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පසුගිය වසරේ පැවැති නැෂනල් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ උතුර කණ්ඩායම සමත් වූ අත, මෙවරද ප්‍රබල කණ්ඩායමක් ලෙස තරග බිමට පිවිසෙයි.

රිෂ්ම අමරසිංහ නායකත්වයෙන් කොළඹ උතුර කණ්ඩායම තරගාවලියට එක්වන අතර, කොළඹ දකුණ කණ්ඩායම රමිරු පෙරේරාගේ නායකත්වය යටතේ තරග වැදීමට සූදානම් වෙයි. ගාල්ල කණ්ඩායමේ නායකත්වය චමරිඳු නෙත්සර දරන අතර, දඹුල්ල කණ්ඩායම රජිත නවෝද්‍ය විසින් මෙහෙයවනු ලබයි. මහනුවර කණ්ඩායමේ නායකත්වය දීමන්ත මහවිතානට හිමිව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට අනාගත තරු හඳුනා ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම තරගාවලිය, පාසල් මට්ටමේ දක්ෂ ක්‍රීඩකයන්ට තම හැකියාවන් ජාතික තේරීම් කමිටුව ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අගනා අවස්ථාවක් ලෙස සැලකේ. එමෙන්ම, ජාතික වයස අවුරුදු 19න් පහළ සංචිතය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ද මෙම තරගාවලිය වැදගත් මිණුම් දණ්ඩක් වනු ඇත.

කොළඹ උතුර – රිෂ්ම අමරසිංහ (නායක), කිත්ම විදානපතිරණ (උප නායක), අවීෂ සමාෂ්, නදුල් ජයලත්, සෙනුජ වකුණගොඩ, රමිත් බණ්ඩාර, තරුෂ රණසිංහ, ලිත්ම පෙරේරා, ලහිරු ලක්මාල්, තරුෂ නවෝධ්‍ය, නුෂාන් පෙරේරා, ශවීන් පෙරේරා, දුල්නිත් සිගේරා, තිෂාන් නිපුන්, ශ්‍රීරාම් ජීවහන්, මිනුග නෙත්සර.

කොළඹ දකුණ – රමිරු පෙරේරා (නායක), හිරුන් මතීෂ (උප නායක), ඇසදිස තේජන, රෙසන් සොලමන්ස්, නෙක්ෂ ඉද්දමල්ගොඩ, ජේසන් ප්‍රනාන්දු, දිනෙත් සිතුමිණ, නෙතුල් අනුහස්, හිමරු දේශාන්, මෙවිඳු කුමාරසිරි, මලින්ත සිල්වා, ඕෂද මනහර, ගිම්හාන මෙන්ඩිස්, අදේෂ ලක්ෂාන්, පසිඳු කුමාර, ජේඩන් අමරවීර.

ගාල්ල කණ්ඩායම – චමරිඳු නෙත්සර (නායක), දුල්සිත් දර්ශන (උප නායක), අබ්දුල් මජිඩ්, අරෝෂ් සිතුමිණ, පුල්ජිත් වත්සුක, ප්‍රවිශ්ක නදීන්, සෙනුර ලක්ෂාන්, චමත්ක කවිෂාන්, සඳරු මල්ෂාන්, තෙනූෂ නිම්සර, තරුන් දම්සිත්, ලතේන්ද්‍ර ආකාෂ්, එස්. ඒ. ඉඳුවර, මොහොමඩ් සාදික්, ගිම්හාන රසාංජන,  ලිදුල නුවංග.

දඹුල්ල කණ්ඩායම – රජිත නවෝද්‍ය (නායක), විග්නේෂ්වරන් ආකාෂ් (උප නායක), ජනිඳු රණසිංහ, දිනුග මෙත්විරු, දමේෂ් මතීෂාන්, හිමෙත් පණ්ඩිතරත්න, මහීෂ සිතුම්, කුෂාන් සුබසිංහ, දිමත් අබේසිංහ, සොනාල් අශ්වින්, සුතර්ෂන් සුබර්ණන්, ජිනජිත් දුල්මික, මෙනුර නිරෝෂණ, සනුජ නිඳුවර, නදුන් බණ්ඩාර, උදයකුමාර් තරනිගන්.

මහනුවර කණ්ඩායම – දීමන්ත මහවිතාන (නායක), සෙත්මික සෙනෙවිරත්න (උප නායක), ආදිල් ෂෙරිෆ්, කෞශික කුමාරසිංහ, සිසල් හේමක, චනුල් කොඩිතුවක්කු, මහේන්ද්‍ර අබේසිංහ, සුමේධ ප්‍රසාද්, සංජන සචේන්ද්‍ර, කෝලිත සුගත් කුමාර, චනිරු සේනාරත්න, ශෂිත් බණ්ඩාර, රයන් ග්‍රෙගරි, කනිල්ක ඇන්තනි, ප්‍රවීන් රුකුනායක, දිනුල් විජේසිංහ

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee