slc
logo
Home   |    News
ජූනි 22, 2026
අවුරුදු 23න් පහළ තරග 8ක් ජය පැරදුමෙන් තොරව අවසන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පළමු තරග 8 අද (22) අවසන් වූ අතර, එම සියලු තරග ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. වර්ෂාව හේතුවෙන් අද අවසන් වූ තරග බහුතරයකටම වර්ෂාවෙන් බාධා පැමිණුනු අතර, ඇතැම් තරගවල එකම පන්දුවක් හෝ නොයවාම නතර කිරීමට ද සිදුවිය.

අද නිමාව දුටු තරග අතරින් කුසල් විජේතුංග බී.ආර්.සී. පිල වෙනුවෙන් ලකුණු 151ක් රැස් කළ අතර කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් හිරුන් ජයසුන්දර නොදැවී ලකුණු 139ක් ලබා ගත්තේය. යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් දිමන්ත අරූශ නොදැවී ලකුණු 138ක් රැස් කරමින් කැපී පෙනුණි.

මේ අතර අද (22) ආරම්භ වූ සෙබස්තියනට්ස් සහ ගාල්ල අතර තරගයේ පළමු දිනය අවසන් වන විට සෙබස්තියනයිට්ස්  කණ්ඩායම පළමු ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 41ක් ලබා සිටියේය. එම තරගය හෙට (23) දෙවැනි සහ අවසන් දිනයේදී ක්‍රියාත්මක වීමට නියමිතය.

  • එන්.සී.සී. සහ බ්ලූම්ෆීල්ඩ් – කොළඹ NCC ක්‍රීඩාංගණයේදී

බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම පන්දුවාර 73 දී කඩුලු 5 කට ලකුණු 245/5 යි – (මිනෙත් ප්‍රේමරත්න 84, අමීෂ රසාංජන 41, ශානික්‍ය දේශප්‍රිය 41*, රනුක මලවිආරච්චි 37/2, ශක්ති උදාර 89/2)

  • බදුරලිය සහ ටැමිල් යුනියන් – මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

බදුරලිය පන්දුවාර 91.1 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 251 යි  – (හිරුන් කපුරුබණ්ඩාර 39, හිරුන් ගාල්ලගේ 55, ශෙහාන් මදුසංක 58, රුසද සිල්වා 43*, විශ්ව තෙව්මික 66/4)

  • රාගම සහ යුනයිටඩ් සදර්න් – කොස්ගම සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේදී 

රාගම පන්දුවාර 28 කදී කඩුලු 2 ක් දැවී ලකුණ 87 යි  – (දෙනුර දිමන්සිත් 20, ලහිරු අබේසිංහ 37*)

  • චිලව් මේරියන්ස් සහ මොරටුව – වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී

චිලව් මේරියන්ස් පන්දුවාර 54.2 කදී සියලු දෙනා දැවී ලකුණු 209 යි – (කෙවින් සැමුවෙල් 72, සසංක නිර් මාල් 56*, ප්‍රභාෂ් වටවල 70/4, මනුජ චන්තුක 53/3)

මොරටුව පන්දුවාර 11.1 දී කඩුල්ලක් දැවී ලකුණු 47 යි – (ලෙස්ටර් ජයවීර 32,

  • කුරුණෑගල යූත්  සහ බී.ආර්.සී. – වෙලගෙදර ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී, පළමු ඉනිම පන්දුවාර 89.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 300 යි – (කුසල් විජේතුංග 151, කවීෂ පෙරේරා 49, යසිරු රුද්‍රිෙගා් 39, ෂෙෂාන් මාරසිංහ 71/2, ගයන වීරසිංහ 65/3)

  • කෝල්ට්ස් සහ ඒස් කැපිටල් – කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 86 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 304 යි – (හිරාන් ජයසුන්දර  139*, රිශ්ම අමරසිංහ 60, ආරොන් කොඩිතුවක්කු 45, රචින්ත ද සිල්වා 33/3

  • නිගම්බු සහ කැන්ඩි කස්ටම්ස් – දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී

නිගම්බු පන්දුවාර 32.1 කදී සියලු දෙනා දැවී ලකුණු 83 යි – (කවීෂ ඉඳුවර 34/5)

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 21.3 කදී සියලු දෙනා දැවී ලකුණු 33 යි – (අමිත පෙරේරා 12/6, ශෙහාන් ප්‍රමෝද් 19/4)

නිගම්බු පන්දුවාර 15 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 43 යි – (නදුන් සිල්වා 07/2)

  • පොලිස් සහ යුද හමුදාව – කොළඹ පොලිස් ක්‍රීඩාංගණය

යුද හමුදා කණ්ඩායම පන්දුවාර 73 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 286 යි – (දිමන්ත අරූශ 138*, අශාන් සුදර්ශන 42, චතුම් කුලසේකර 50/2, පූර්ණ සුලක්ෂණ 74/2, විහඟ මලිත් 15/2)

පොලිස් කණ්ඩායම පන්දුවාර 10.3 කදී කිසිවකු නොදැවී ලකුණු 31 යි – දුලාංජ ඉඳුවර 18*)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar