slc
logo
Home   |    News
ජූනි 3, 2026
‘කිවි‘ දේශයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම 2027 මුලදී

sinhala editor

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා නවසීලන්තයට යෑමට නියමිතය. සංචාරය තුළ දෙරට අතර එක්දින තරග 3ක්, විස්සයි-20 තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නවසීලන්තයේ විවිධ ක්‍රීඩාංගණ අටක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම තරගාවලිය, 2027 වසරේ ආරම්භයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානතම ජාත්‍යන්තර අභියෝගය වනු ඇත.

මෙම සංචාරයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වන්නේ 2023 වසරේ පැවැති සංචාරයෙන් පසුව වීමයි.

සංචාරය ජනවාරි 16 වැනිදා නේපියර්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වේ. ඉන් අනතුරුව දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිළිවෙළින් වෙලිංටන් සහ ඩුනෙඩින් නගරවලදී පැවැත්වීමට නියමිතය.

එක්දින තරගාවලියෙන් පසු විස්සයි-20 තරගාවලිය ආරම්භ වන අතර, පළමු තරගය ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ. දෙවැනි සහ තෙවැනි තරග දෙකම නෙල්සන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සංචාරයේ අවසාන සහ වඩාත් අවධානයට ලක්වන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය පෙබරවාරි මාසයේදී ආරම්භ වේ. පළමු ටෙස්ට් තරගය පෙබරවාරි 04 සිට 08 දක්වා ටවුරංගාහිදී පැවැත්වෙන අතර, දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය පෙබරවාරි 12 සිට 16 දක්වා හැමිල්ටන්හිදී පැවැත්වීමට නියමිතය.

තරග කාලසටහන
දිනයතරගයවේලාව
ජනවාරි 16පළමු එක්දින තරගය – මැක්ලීන් පාක්, නේපියර්පෙ.ව. 4.30
ජනවාරි 19දෙවැනි එක්දින තරගය –  බේසින් රිසර්ව්, වෙලිංටන්පෙ.ව. 4.30
ජනවාරි 22තෙවැනි එක්දින තරගය -ඔටාගෝ ඕවල්, ඩුනෙඩින්පෙ.ව. 4.30
ජනවාරි 26පළමු විස්සයි-20 තරගය – හෙග්ලි ඕවල්, ක්‍රයිස්චර්ච්පෙ.ව. 11.30
ජවාරි 27දෙවැනි විස්සයි-20 තරගය – සැක්ස්ටන් ඕවල්, නෙල්සන්පෙ.ව. 9.30
ජනවාරි 31තෙවැනි විස්සයි-20 තරගය – සැක්ස්ටන් ඕවල්, නෙල්සන්පෙ.ව. 6.30
පෙබරවාරි 04-08පළමු ටෙස්ට් තරගය – බේ ඕවල්, ටවුරංගාපෙ.ව. 4.30
පෙබරවාරි 12-16දෙවැනි ටෙස්ට් තරගය – සෙඩන් පාක්, හැමිල්ටන්පෙ.ව. 4.30

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee