slc
logo
Home   |    News
ජූනි 28, 2026
ජැංගූගේ – චේස්ගේ ශතක සම්බන්ධතාවයෙන් පූර්ණ පාලනය කොදෙව්වන් අතට

sinhala editor

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ තේ පානය වන විට තරගයේ සම්පූර්ණ පාලනය තමන් සතු කරගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කොදෙව් පිල වෙනුවෙන් අමීර් ජැංගූ නොදැවී ලකුණු 187ක් සහ නායක රොස්ටන් චේස් නොදැවී ලකුණු 143ක් රැස් කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක් කළහ. මෙම දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් මේ වන විට ලකුණු 324ක නොබිඳුණු සබඳතාවක් ගොඩනඟා ඇති අතර, එය කොදෙව් ටෙස්ට් ඉතිහාසයේ හයවැනි කඩුල්ල සඳහා වාර්තා වූ ඉහළම සබඳතාව ලෙස සටහන් විය. එමෙන්ම ඕනෑම කඩුල්ලක් සඳහා කොදෙව්වන් වාර්තා කළ අටවැනි විශාලතම සබඳතාවද මෙයයි.

දෙවැනි දිනයේ තේ පානයෙන් පසුව එක්වූ ජැංගූ සහ චේස් මේ වන විට පිට පිට සම්පූර්ණ සැසි තුනක් පුරා කඩුල්ලක් නොදෙමින් පන්දුවාර 85.5ක් මුළුල්ලේ පිටියේ රැඳී සිටිති. තෙවැනි දිනයේ තේ පානය වන විට කොදෙව්වෝ කඩුලු 5කට ලකුණු 438ක් රැස් කරමින් ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා ලකුණු 184ක පෙරමුණක් හිමිකරගෙන සිටියහ. තරගයේ තවත් දින දෙකකට අධික කාලයක් ඉතිරිව ඇති අතර තණතීරුව තවමත් පිතිකරුවන්ට හිතකර බැවින් එක් ඉනිමකින්ම තරගය ජයගැනීමේ සැලසුමක් ද ඔවුන් සතුව ඇති බව පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය දිනය පුරාම අසරණ ස්වරූපයක් ගත්තේය. විශේෂයෙන්ම ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ලහිරු කුමාර දෙවැනි දිනයේ සිට යළි පිටියට නොපැමිණීම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් විය. ඒ හේතුවෙන් දඟපන්දු යවන්නන් වන සොනාල් දිනූෂ සහ කමිඳු මෙන්ඩිස් දිගින් දිගටම යොදා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් වඩාත්ම අභියෝගාත්මක පන්දු යැවීමක නිරත වූයේ මිලාන් රත්නායකයි. ඔහුගේ පන්දුවකට රොස්ටන් චේස් ලකුණු 108ක් ලබා සිටියදී වයිඩ් ස්ලිප්හි පන්දු රකිමින් සිටි කමිඳු මෙන්ඩිස් අතින් උඩපන්දුවක් ගිලිහී ගියේය. එමෙන්ම ජැංගූ ලකුණු 167ක් ලබා සිටියදී ඔහුගේ පිත්තේ දාරයේ වැදුණු පන්දුවක්ද ස්ලිප් ක්‍රීඩකයන් අතර තිබූ හිඩැසක් හරහා සීමාවට ඇදී ගිය අතර, එම අවස්ථා දෙකම ශ්‍රී ලංකාවට තරගයේ හැරවුම් ලක්ෂ්‍යයන් බවට පත්කර ගැනීමට තිබූ අවස්ථා අපතේ යාමක් විය.

පළමු සැසියේදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ මෙම දෙදෙනා දෙවැනි සැසියේදී ලකුණු රැස් කිරීමේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ නැංවූහ. එම සැසියේ පන්දුවාර 27කදී ලකුණු 136ක් රැස් කරමින් පන්දුවාරයකට ලකුණු පහකට ආසන්න වේගයක් පවත්වාගෙන යාමට ඔවුහු සමත් වූහ.

ජැංගූ සිය මංගල ටෙස්ට් ශතකයෙන් පසුව වඩාත් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ අතර දඟපන්දු යවන්නන් හමුවේ තරමක ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූවේය. අනෙක් අන්තයේ චේස් සුපුරුදු ඉවසීමත් සමඟ එල්ල කරන ලද මනරම් ඩ්‍රයිව් පහරවලින් ඔහු ලකුණු රැස් කළේය.

දිවා ආහාරයට පෙර ලකුණු 74ක් ලබා සිටි චේස්, දෙවැනි නව පන්දුව හමුවේද ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වෙමින් සිය ටෙස්ට් දිවියේ හයවැනි ශතකය සම්පූර්ණ කළේය. ජැංගූ ද පිට කඩුල්ලෙන් ඉවතට යන පන්දු අතහැර දමමින් සංයමයකින් ක්‍රීඩා කළේතරගයේ පාලනය සියතට ගනිමිනි.

කොදෙව් ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දී තිබූ අතිරේ ලකුණු සංඛ්‍යාව 52 ක් දක්වා ඉහළගොස් තිබුණි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 71.5 කදී සියලු දෙනා දැවී ලකුණු 308 යි – (ධනංජය ද සිල්වා 120, දිනේෂ් චන්දිමාල් 54, නිශාන් මදුෂ්ක 23, පැතුම් නිස්සංක 02, කමිදු මෙන්ඩිස් 00, කුසල් මෙන්ඩිස් 00, සොනාල් දිනූෂ 43, මිලාන් රත්නායක 27, කසුන් රජිත 08, ළහිරු කුමාර 12, අසිත ප්‍රනාන්දු 00, ජස්ටින් ග්‍රීව්ස් 39/3, ශමාර් ජෝසප් 79/2, අල්සාරි ජෝසප් 60/2, කෙමාර් රෝච් 32/2)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම පන්දුවාර 136 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 492 යි – (ජෝන් කැම්බෙල් 39, බ්‍රෙන්ඩන් කිං 31, කවෙම් හොජ් 16, අමීර් ජැංගූ 187*, ජෝෂුවා දා සිල්වා 20, ජස්ටින් ග්‍රීව්ස් 03, රොස්ටන් චේස් 144*, අසිත ප්‍රනාන්දු 53/2, මිලාන් රත්නායක 95/2, සොනාල් දිනූෂ 166/1)

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee