slc
logo
Home   |    News
ජූනි 21, 2026
නිශාන් – චන්දිමාල් ශ්‍රී ලංකාව ජය මාවතට රැගෙන යති

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම ට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ තෙවැනි දිනය නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 124ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 30ක් ලබා සිටියි.  ජය සඳහා අවසන් දිනයේ ඔවුන්ට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 94ක් පමණි. ඒ අනුව අවසන් දිනයේ ශ්‍රී ලංකාවට ජය සඳහා තවත් ලකුණු 94ක් අවශ්‍ය වන අතර ඒ සඳහා කඩුලු 9ක් ද ඉතිරිව තිබේ.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 205ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 281ක් ලබා ගත්තේ ලකුණු 76ක් පළමු ඉනිමෙන් ඉදිරියට පැමිණෙමිනි. ඉන් අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ කොදෙව් තෝරාගත් XI පිල ලකුණු 199කට සීමා වූ අතර, ශ්‍රී ලංකාවට ජය සඳහා ලකුණු 124ක ඉලක්කයක් හිමිවිය.

ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 10කදී ලකුණු 2කට දැවී යාමත් සමඟ ශ්‍රී ලංකාව පීඩනයකට පත්වූවත්, නිශාන් මදුශ්ක සහ දිනේෂ් චන්දිමාල් ඉනිම ස්ථාවර කිරීමට සමත් වූහ. තෙවැනි දිනය අවසන් වන විට මදුශ්ක පන්දු 27කින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටි අතර, චන්දිමාල් පන්දු 12කදී නොදැවී ලකුණු 2ක් ලබා සිටියේය.

තරගයේ තෙවැනි දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 174ක් ලබා සිටියේය. එහිදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 54ක් සහ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 5ක් ලබා සිටියහ.

චන්දිමාල් එතැන් සිට ඉනිම ගොඩනඟමින් පන්දු 144කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 74ක් රැස් කළ අතර, සොනාල් දිනූෂ පන්දු 68කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පළමු ඉනිමට අගනා දායකත්වයක් ලබා දුන් තවත් පිතිකරුවෙකු වූයේ මිලාන් රත්නායක ය. ඔහු පන්දු 57කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේ පහළ පෙළෙන් ඉතා වටිනා ඉනිමක් ක්‍රීඩා කරමිනි.

කෙසේ වෙතත් අවසන් පිතිකරුවන්ගෙන් විශාල සහායක් ශ්‍රී ලංකාවට හිමි නොවීය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 6කට, ලහිරු කුමාර ලකුණු නොලබා, විශ්ව ප්‍රනාන්දු ලකුණු 3කට දැවී ගිය අතර අසිත ප්‍රනාන්දු නොදැවී ලකුණු 4ක් ලබා සිටියේය.

කොදෙව් පන්දු යවන්නන් අතරින් නියාල් ස්මිත් ලකුණු 58කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර, කීමා පෝල් සහ අල්සාරි ජෝෂප් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 76ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායමටද ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කළහ. ඔවුන්ගේ ආරම්භක කඩුලු ත්‍රිත්වය ලකුණු 24ක් වෙද්දී බිඳ වැටුණු අතර, ඉනිම ගොඩනැගීමට උත්සාහ කළේ අකීම් ඔගස්ටි සහ කිමෝල් සේවරි යන පිතිකරුවන්ය. එම දෙදෙනා සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 97කදී ලකුණු 54ක සබඳතාවක් එක් කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, සොනාල් දිනූෂ සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 බැගින් දවා ගනිමින් කොදෙව් දෙවැනි ඉනිම සීමා කිරීමට මූලික විය.

ඒ අනුව තරගයේ තෙවැනි දිනය අවසන් වන විට ජයග්‍රහණයට ආසන්නව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, අවසන් දිනයේදී ලකුණු 94ක ඉලක්කය සපුරා ගැනීමට සමත් වුවහොත් කොදෙව් ටෙස්ට් තරගාවලියට පෙර වැදගත් මානසික උත්තේජනයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 61.4 දී ලකුණු 205 යි – (කර්ක් මැකෙන්සි 58, කෙවින් විඛාම් 20, කීමා පෝල් 36, නියාල් ස්මිත් 19*, ළහිරු කුමාර 39/4, අසිත ප්‍රනාන්දු 26/2)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 70.4 කදී සියලු දෙනා දැවී ලකුණ 281 යි – (නිශාන් මදුශ්ක 46, දිනේෂ් චන්දිමාල් 74, ධනංජය ද සිල්වා 34, සොනාල් දිනූෂ 36, මිලාන් රත්නායක 41, නියාල් ස්මිත් 58/4, කීමා පෝල් 67/3, අල්සාරි ජෝසප් 45/2)

බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 45.2 කදී සියලු දෙනා දැවී ලකුණු 199 යි – (අකීම් ඔගස්ටේ 46, කිමෝල් සේවරි 27, කීමා පෝල් 29 ජොෂුවා බිෂොප් 68, අසිත ප්‍රනාන්දු 27/3, සොනාල් දිනූෂ 42/2, ප්‍රභාත් ජයසූරිය 70/3)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 8 කදී කඩුලක් දැවී ලකුණු 30 යි – (නිශාන් මදුශ්ක 24*, දිනේෂ් චන්දිමාල් 02*)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee