slc
logo
Home   |    News
ජූනි 19, 2026
ලහිරුගේ වේගයෙන් කොදෙව් සංචිතය 205කට සීමා වෙයි

sinhala editor

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිත XI කණ්ඩායම සමඟ කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ පළමු දිනයේ (18 දා) වාසිය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර එම තීරණය සාර්ථක කරමින් පෙරමුණ ගත් ළහිරු කුමාර සිය සුපුරුදු වේගය සහ ආක්‍රමණශීලී පන්දු යැවීම ප්‍රදර්ශනය කරමින්  ලකුණු 39කට කඩුලු 4ක් දවා ගත්තේය.

තරගය පුරාම පිතිකරුවන්ට නිදහසේ ලකුණු රැස් කිරීමට ඉඩ නොදුන් ලහිරු, නිරන්තරයෙන්ම පීඩනයක් ගොඩනඟමින් කඩුලු බිඳ හෙළීමට සමත් විය. පසුගිය කාලය පුරා ආබාධ හේතුවෙන් කණ්ඩායමෙන් ඈත්ව සිටි ඔහු නැවතත් තම දක්ෂතා විදහා දැක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි තරගාවලි සඳහා සුබ ලකුණක් ලෙස සැලකේ.

සත්කාරක පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු කර්ක් මැකෙන්සි ලකුණු 58ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළද, අනෙකුත් පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ සාර්ථක වීමට නොහැකි විය. ලහිරුට අමතරව අසිථ ප්‍රනාන්දු ලකුණු 26කට කඩුලු 2ක් දවා ගනිමින් හොඳ සහායක් ලබා දුන්නේය.

පන්දු යවන්නන්ගේ දක්ෂතා මත ශක්තිමත් ස්ථානයක් ගොඩනඟාගත් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම ආරම්භ කරමින් දිනය අවසන් වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 38ක් රැස් කරගෙන සිටියේය. ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 25ක් ලබා සිටි යි. ශ්‍රී ලංකාව තවමත් ලකුණු 167ක් පසුපසින් සිටියද අතේ කඩුලු 9ක් ඉතිරිව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් සංචිත XI කණ්ඩායම පන්දුවාර 61.4 කදී සියලු දෙනා දැවී ලකුණු 205 යි – (ක්රේ මැකෙන්සි 58, ලහිරු කුමාර 39/4, අසිත ප්‍රනාන්දු 26/2)

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 8 කදී කඩුල්ලක් දැවී ලකුණු 38 යි – (නිශාන් මදුෂ්ක 25*)

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee