slc
logo
Home   |    News
ජූනි 3, 2026
ලෝක කුසලාන සිහිනය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා–කොදෙව් සටන අද ඇරඹෙයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (03 වැනිදා)  ආරම්භ වේ. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වන මෙම තරගය, දෙපිලටම 2027 වසරේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සුදුසුකම් සටනේ ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙසින් සැලකෙයි.

මෙම තරගාවලියේ සියලුම තරග ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් පිටියේදී පැවැත්වේ. දෙවැනි හා තෙවැනි තරග දෙකම ජැමෙයිකා වේලාවෙන් පස්වරු 2.30ට (ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 1.00ට) ආරම්භ වීමට නියමිතය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ සිටින අතර කොදෙව් පිල 10 වැනි ස්ථානයේ පසුවෙයි. එහෙත් දෙපිලම අවසන් එක්දින තරග පහෙන් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණක් වීම නිසා වත්මන් ක්‍රියාකාරිත්වය අනුව තරගාවලිය ඉතා සමබර තත්ත්වයක පවතී.

2027 ලෝක කුසලානය සඳහා සෘජු සුදුසුකම් ලබා ගැනීමට නම් 2027 මාර්තු 31 වනවිට අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පළමු 8 දෙනා අතර සිටිය යුතුය. එබැවින් මෙම තරගාවලිය දෙපිලටම ඉතා වැදගත් වන අතර ලබා ගන්නා සෑම ජයග්‍රහණයක්ම අනාගත සුදුසුකම් තීරණයට සෘජුවම බලපානු ඇත.

එක්දින ඉතිහාසය දෙස බැලූ විට ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර දැඩි තරගකාරී සටනක් පවතී. තරග 64කින් දෙපිලම ජයග්‍රහණ 32 බැගින් ලබා ඇති අතර එය සම්පූර්ණ සමබරතාවයක් පෙන්වයි. පසුගිය තරග 10කදී ශ්‍රී ලංකාව තරග 6ක් ජයගෙන ඇති අතර එය සුළු වශයෙන් වාසිය ශ්‍රී ලංකා පාර්ශවයට යොමු කරයි.

කොදෙව් පිල බටහිර ඉන්දීය දූපත්හිදී පසුගිය එක්දින තරගමාලා පහම ජය ගනිමින් දේශීය තත්ත්වයන්හි ඔවුන්ගේ ශක්තිය තහවුරු කර ඇත. අවසන් වරට පාකිස්තානයට එරෙහිව ලබාගත් තරගාවලි ජයද ඔවුන්ගේ විශ්වාසය තවදුරටත් ඉහළ නංවා ඇත.

ශ්‍රී ලංකාව අවසන් එක්දින තරගාවලියේදී එංගලන්තය හමුවේ 2-1ක් ලෙස පරාජයට පත්වූ අතර එබැවින් මෙවර තරගාවලිය නැවත ජය මාර්ගයට පිවිසීමටත් අයි.සි.සී.  ශ්‍රේණිගත කිරීම්හි ස්ථානය ශක්තිමත් කිරීමටත් අවස්ථාවක් ලෙස සැලකේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනා නම් කර ඇති එහිදී පැතුම් නිස්සංක සමගින් ඉනිම ආරම්භ කිරීමේ වගකීම උප නායක කමිදු මෙන්ඩිස් වෙත පවරා තිබේ. එමෙන්ම වෙනදා පරිදි වූ පිතිකරුවන් 7 ක් සහ පන්දු යවන්නන් 4 ක් යන සංයුතියෙන් බැහැරව පිතිකරුවන් 6 සහ පන්දු යවන්නන් 5 යන අනුපාතය යටතේ අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අවතීර්ණවීම විශේෂත්වයක් ලෙසින් සැලකිය හැක.

ශ්‍රී ලංකා කණ්ඩායම

  1. පැතුම් නිස්සංක
  2. කමිඳු මෙන්ඩිස් (උප නායක), 
  3. කුසල් මෙන්ඩිස් (නායක)
  4. පවන් රත්නායක
  5. චරිත් අසලංක
  6. ජනිත් ලියනගේ
  7. වනිඳු හසරංග
  8. මිලාන් රත්නායක
  9. මහීෂ් තීක්ෂන
  10. දුෂ්මන්ත චමීර
  11. අසිත ප්‍රනාන්දු

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee