slc
logo
Home   |    News
ජූනි 23, 2026
වර්ෂාවෙන් බාධා වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම් පළමු එක්දින තරගය අද

sinhala editor

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම අතර ඊයේ (22 දා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය.

ඒ අනුව, එම තරගය අද (23) දින කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 36 බැගින් සීමා කරමින් පැවැත්වෙන අතර, පළමු පන්දුව පෙරවරු 12.30ට යොමු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය, තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාදෙන වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee