slc
logo
Home   |    News
ජූනි 23, 2026
ශ්‍රී ලංකා – කොදෙව් නැගී එන පළමු එක්දින තරගය වර්ෂාවට බිලිවෙයි

sinhala editor

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින සීමිත පන්දුවාර තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදු විය.

මෙම තරගය ජුනි 22 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, දිගින් දිගටම පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමක් හෝ නොකරම තරගය නතර කිරීමට තරග තීරක මනෝජ් මෙන්ඩිස් සහ පිටියේ විනිසුරුවන් වූ රැන්මෝ මාටිනස් හා චන්ද්‍රික අමරසිංහ කටයුතු කළහ.

මෙම සංචාරයේදී දෙරට කණ්ඩායම් මීට පෙර සිව්දින නිල නොලත් ටෙස්ට් තරග දෙකකටද සහභාගී වූ අතර, එම තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය.

එම සිව්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ දිනුර කළුපහන වන අතර, එක්දින තරගාවලියේ නායකත්වය නිපුන් ධනංජය වෙත පවරා ඇත. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සුපුරුදු පරිදි රිවාල්ඩෝ ක්ලාක් විසින් නායකත්වය දරයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින සීමිත පන්දුවාර තරගය මේ මස 24 වැනිදා ද එම SSC ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee