slc
logo
Home   |    News
ජූනි 9, 2026
කොදෙව් ඇකඩමියෙන් ශ්‍රී ලංකා නැගීඑන පිලට ප්‍රබල පිළිතුරක්

sinhala editor

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර තරග 2කින් සමන්විත නිල නොලත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය වූ අද (09 දා) තරගය නතර කර දමන විට බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම තම පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 273ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු 356ට පිළිතුරු ලෙස කොදෙව් පිතිකරුවෝ තවත් ලකුණු 83ක් පිටුපසින් පසුවෙති.

දෙවැනි දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 302ක් ලබා සිටි අතර අංජල බණ්ඩාර ලකුණු 126ක් සහ නිසල අබේරත්න ලකුණු 38ක් සමඟින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. මෙම දෙපළ 9 වැනි කඩුල්ල සඳහා පන්දු 223කදී ලකුණු 142ක අනර්ඝ සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

නිසල අබේරත්න දුවද්දී දැවී යෑමට පෙර පන්දු 92කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 48ක් රැස් කළේය. ඉන් අනතුරුව අවසන් කඩුල්ල සඳහා චමෝද් බට්ටගේට එක්වූ අංජල බණ්ඩාර පන්දු 22කදී තවත් ලකුණු 21ක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූහ. ශ්‍රී ලංකා ඉනිමෙ අවසන් කඩුල්ල ලෙසින් අංජල බණ්ඩාර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. මුහුණ දුන් 217 වැනි පන්දුවේදී අංජල දැවී යන විට රැස් කරන ලද ලකුණු 163 ක වටිනා ඉනිම වෙනුවෙන් හතරේ පහර 19ක්  එල්ල කළේය. ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධානතම ශක්තිය බවට පත්වූ අංජලට අවසන් කඩුල්ල වෙනුවෙන් සහාය ලබා දුන් චමෝද් බට්ටගේ ලකුණක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

පන්දු යැවීමේදී රයන් බන්ඩූ සහ ජොන් ලියන් කඩුලු 3 බැගින් දවා ගත් අතර ජේඩියා බ්ලේඩ්ස් කඩුලු 2ක් සහ අමාරි ගුඩ්රිච් එක් කඩුල්ලක් දවාගත්හ.

ලකුණු 357ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉනිම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම ආරම්භයේදීම වේගවත් පිතිකරණයක නිරත වූ අතර පළමු කඩුල්ල සඳහා පන්දු 35කදී ලකුණු 42ක් සහ දෙවැනි කඩුල්ල සඳහා පන්දු 45කදී ලකුණු 40ක් එක් කළහ. කෙසේ වෙතත්, ඉන් අනතුරුව තරගයේ පාලනය ක්‍රමයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතට ගිය අතර පළමු කඩුලු තුනම බිඳ වැටෙන විට කොදෙව් පිල ලකුණු 101ක් ලබා සිටියේය.

ඉනිමේ ප්‍රබල දායකත්වයක් දැක්වූ මවේන්ද්‍ර දින්ද්‍යාල් පන්දු 79කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 60ක් රැස් කළේය. ඉන් අනතුරුව ශාුරේ පැරිස් සහ නායක රිවාල්ඩෝ ක්ලාර්ක් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 183කදී ලකුණු 115ක සබඳතාවක් ගොඩනඟමින් කොදෙව් ඉනිම ස්ථාවර කළහ. පැරිස් පන්දු 115කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 55ක් රැස් කර දැවී ගියේය.

දෙවැනි දිනය නිමාවන විට නායක නායක ක්ලාර්ක් පන්දු 132කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 72ක් ලබා සිටි අතර අමාරි ගුඩ්රිච් පන්දු 37කදී නොදැවී ලකුණු 14ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් වමතින් දඟ පන්දු යැවූ ශක්ති උදාර ලකුණු 85කට කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනුණි. චමෝද් බට්ටගේ සහ නිසල අබේරත්න කඩුල්ල බැගින් දවා ගෙන සිටිති.  හෙට (10) තරගයේ තෙවැනි දිනය වේ.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 90.2 කදී සියලු දෙනා දැවී ලකුණු 356 යි – (අසිත වන්නිනායක 41, ශාරුජන් ශන්මුගනාදන් 25, අංජල බණ්ඩාර 163, නිසල අබේරත්න 48, ජෝන් ලියන් 68/3, රයන් බන්ඩූ 45/3, ජේඩියා බ්ලේඩ්ස් 83/2)

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 72 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 273 යි – (ඩමෙල් එව්ලින් 35, මවේන්ද්‍ර දින්ද්‍යාල් 60, ශක්රේ පැරිස් 55, රිවාල්ඩෝ ක්ලාර්ක් 72*, ශක්ති උදාර 85/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee