ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම අතර ඊයේ (22 දා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය.
ඒ අනුව, එම තරගය අද (23) දින කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 36 බැගින් සීමා කරමින් පැවැත්වෙන අතර, පළමු පන්දුව පෙරවරු 12.30ට යොමු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය, තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාදෙන වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.





