slc
logo
Home   |    News
ජූලි 2, 2026
වසර 9කට පසු ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අගෝස්තු මසදී ශ්‍රී ලංකා සංචාරයක

sinhala editor

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා ඉන්දීය ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලබන අගෝස්තු මසදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතා (World Test Championship) 2025–2027 තරග චක්‍රයට අයත් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය අගෝස්තු මාසදී ගාල්ල සහ කොළඹදී පැවැත්වේ.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වූයේ 2017 වසරේදීය. එම තරගාවලියේදී තරග තුනම ජයගනිමින් 3-0ක තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව ඉන්දීය ටෙස්ට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ වසර 9 ක කාලයකින් පසුව වීම විශේෂත්වයක් වේ.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය 2026 අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග කාලසටහන

2026 අගෝස්තු 15 – 19 – පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

2026 අගෝස්තු 23 – 27 – දෙවැනි ටෙස්ට් තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

USD United States (US) dollar