slc
logo
Home   |    News
ජූලි 7, 2026
ශ්‍රී ලංකාව අසිරු ජයග්‍රහණයකට සැරසෙයි

sinhala editor

ඇන්ටිගුවාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ දෙවැනි සැසියේ අවසන් භාගයේදී තරගයේ පාලනය නැවතත් තමන් වෙත හරවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ අවසන් කඩුලු දෙකත් ඉක්මනින් දවාගෙන පළමු ඉනිමේ ලකුණු 50ක වාසියක් ලබාගත්හ. ඒ අනුව නැවතත් දෙවැනි ඉනිම අරඹමින් සාර්ථක ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ  සිව්වැනි දිනට තරගය නිමාවන විට කඩුලු 2ක් දැවී ලකුණු 92ක් රැස්කර සමස්ත වාසිය ලකුණු 142ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව සිටියහ.

තරගයේ අවසන් දිනයට පිවිසෙන විට දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස්ය නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් මේ වන විට පන්දු 72කින් ලකුණු 60ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනඟා තිබේ.

ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 32ක් ලබා සිටියදී පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්, කිසිදු පීඩනයකින් තොරව ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වනු දක්නට ලැබිණ. මුහුණ දුන් සිව්වැනි පන්දුවම ස්ලිප් ස්ථානයට ඉහළින් හතරේ සීමාවට යැවූ කමිඳු, අනතුරුව එක්ස්ට්‍රා කවර් කලාපය හරහාත්, කවර් කලාපය හරහාත් අලංකාර හතරේ පහර දෙකක් එල්ල කළේය. අල්සාරි ජෝසප්ගේ පන්දුවක් පනදුවක් සෙක්වෙයාර් ලෙග් කලාපයට ඉහළින් හයේ පහරක් බවට පත් කරමින් පන්දු 10කින් ලකුණු 23ක් රැස් කළ වමත් පිතිකරුවා දිනය අවසන් වන විට පන්දු 35කින් ලකුණු 30ක් ලබා නොදැවී සිටියේය.

අනෙක් අන්තයේ චන්දිමාල්ද යම් වාසනාවක සහාය ඇතිව ඉනිම ගොඩනඟා ගෙන සිටියි. ඔහු එල්ල කරන ලද හතරේ පහර තුනෙන් දෙකක්ම ස්ලිප් ස්ථානයට හරහා වාර්තා වූ නමුත්, අල්සාරි ජෝසප්ට එරෙහිව එල්ල කළ අපර් කට් හයේ පහර ඔහුගේ පිටිය තුළ ස්ථාවරත්වය මොනවට පිළිබිඹු කළේය. දිනය නිමාවන විට චන්දිමාල් පන්දු 66කින් ලකුණු 40ක් ලබා සිටියේය.

මීට පෙර ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භයේදීම ෂමාර් ජෝසප් සහ ජේඩන් සීල්ස් නව පන්දුවෙන් දැඩි පීඩනයක් එල්ල කළහ. පළමු ඉනිමේ ශතකලාභී ළහිරු උදාර ලකුණක් නොලබා දැවී ගිය අතර නිශාන් මධුෂ්කද ලකුණු 17කට දැවී යෑමෙන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත්විය. එහෙත් චන්දිමාල් සහ කමිඳුගේ නොබිඳුණු සම්බන්ධතාව ශ්‍රී ලංකාව නැවතත් ශක්තිමත් තත්ත්වයකට රැගෙන ආවේය.

ඊට පෙර බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ පළමු ඉනිම ලකුණු 454කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

දිනය ආරම්භයේ සිටම ෂායි හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක් කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත වූහ. ඇල්මැරුණු ලකුණු 242 ක එම සම්බන්ධතාව සඳහා ඔවුහු පන්දු 459 ක් වැය කළහ. ඒ අතරතුරදී ඔවුන් දෙදෙනාම ශතක වාර්තා කළ අතර, හෝප් පන්දු 198කින් සිය පස්වැනි ටෙස්ට් ශතකයද ග්‍රීව්ස්ද පන්දු 201කින් සිය තෙවැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළහ. මෙම ශතකය හෝප් කැරිබියන් දූපත්වලදී ඔහු ලබාගත් පළමු ටෙස්ට් ශතකය ලෙසින් සනිටුහන් විය.

දිනය ආරම්භයේදීම මිලාන් රත්නායකගේ පන්දුවකට ෂායි හෝප් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුලු රැකි කුසල් මෙන්ඩිස් විසින් රැක ගත්තද එය විනිසුරු නිස්ප්‍රභා කෙරිණ. මෙහිදී ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක් නොකිරීමට පියවර ගත් නමුදු පුණරූපනවලින් පෙනී ගියේ එය දැවී යෑමක් ලෙසිනි. ඒවන විටත් හෝප් ලකුණු 86ක් ලබා සිටි අතර අනතුරුව ශතකයක් කරා ගමන් කරමින් ග්‍රීව්ස් සමඟ දැවැන්ත සබඳතාවක් ගොඩනැඟීය.

දිවා ආහාරයෙන් මඳ වේලාවකට පෙර සෝනල් දිනූෂ විසින් පා ඉන්නට පිටින් යොමු කරන ලද පන්දුවක් ඉදිරි පාදය පමණක් යොමු කරමින් නිදැල්ලේ යෑමට ෂායි හෝප් දරන ලද උත්සාහයේදී එය කඩුලු රැකි කුසල් මෙන්ඩිස්ගේ අත් ආවරණවල වැදී කඩුල්ල බිඳ  වැටිණ. ඒ අවස්ථාව වන විට හෝප්ගේ පසුපස පාදය නොදැනුවත්වම සීමා ඉරෙන් පිටතට ගොස් තිබූ බැවින් අකමැත්තෙන් හෝ ඔහුට පිටියෙන් ඉවතට යෑමට සිදුවිය. එම දැවී යෑම හැරවුම් ලක්ෂයක් බවට පත්කරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොදෙව් ඉනිම ඉක්මනින් අවසන් කිරීමට සමත් වූහ.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු අසිත ප්‍රනාන්දු කෙටි පන්දු වැළක්  එල්ල කරමින් රොස්ටන් චේස්, ඇන්ඩර්සන් පිලිප් සහ ෂමාර් ජෝසප්ගේ කඩුලු දවාගනිමින් ටෙස්ට් දිවියේ තෙවැනි වතාවටත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවේය. මිලාන් රත්නායක අල්සාරි ජෝසප් දවාගත් අතර, පන්දු 325කට මුහුණ දී ලකුණු 125ක් රැස් කරගෙන සිටි ජස්ටින් ග්‍රීව්ස්ගේ සටන්කාමී ඉනිම ප්‍රභාත් ජයසූරිය විසින් නිමා කරන ලදී.

මේ වන විට ශ්‍රී ලංකාව තරගයේ ඉදිරියෙන් සිටියද, පස්වැනි දිනය වන හෙට (07 දා) උදෑසන වේගයෙන් ලකුණු රැස්කර කොදෙව්වන්ට අභියෝගාත්මක ඉලක්කයක් ලබාදීම සංචාරකයන්ගේ ප්‍රධාන අරමුණ වනු ඇත.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 139.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 549 යි – (ළහිරු උදාර 188, නිශාන් මදුෂ්ක 06, දිනේෂ් චන්දිමාල් 01, කමිඳු මෙන්ඩිස් 84, ධනංජය ද සිල්වා 33, කුසල් මෙන්ඩිස් 69, සොනාල් දිනූෂ 92, මිලාන් රත්නායක 15, ප්‍රභාත් ජයසූරිය 17*, ඉසිත විජේසුන්දර 14,  ජේඩන් සීල්ස් 98/2, ශමර් ජෝසප් 98/2, අල්සාරි ජෝසප් 98/1, ඇන්ඩර්සන් ෆිලිප් 72/1, ජස්ටින් ග්‍රීව්ස් 43/1, රොස්ටන් චේස් 99/1, කවෙම් හොජ් 26/1)

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම පන්දුවාර 165.5 කදී සියලු දෙනා දැවී ලකුණු 499 යි – (ජෝන් කැම්ප්බෙල් 72, බ්‍රැන්ඩන් කිං 17, කවෙම් හොජ් 31, අමීර් ජැංගු 09, ෂායි හෝප් 112, ජස්ටින් ග්‍රීව්ස් 180, රොස්ටන් චේස් 23, ඇන්ඩර්සන් පිලිප් 0, අල්සාරි ජෝසප් 13, ශමාර් ජෝසප් 05, ජේඩ්න් සීල්ස් 02*,  අසිත ප්‍රනාන්දු 130/5, ප්‍රභාත් ජයසූරිය 131/3, සොනාල් දිනූෂ 29/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 22 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 92 යි – (නිශාන් මදුෂ්ක 20, ළහිරු උදාර 00, දිනේෂ් චන්දිමාල් 40*, කමිඳු මෙන්ඩිස් 30*, ශමාර් ජෝෂප් 27/1, අල්සාරි ජෝසප් 17/1)

Active filters

Recent Posts

  • LPL ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරැඹෙයි
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (08 දා) ආරම්භ කෙරිණි. ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 […]
  • ශ්‍රී ලංකාවේ අවසන් උත්සාහය ව්‍යාර්ථ වෙයි
    දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් සඳහා අවසන් උත්සාහයක නිරත වූ නමුත්, ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිංගේ නොදැවුණු අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය […]
  • පළමු මට්ටමේ පුහුණුකරුවන්ගේ වැඩසටහන පරිවර්තන කමිටු සභාපතිවරයාගේ නිරීක්ෂණයට
    රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා, එහි පැවැත්වෙමින් තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යාපන අංශය විසින් ක්‍රියාත්මක […]
  • ශ්‍රී ලංකාව අසිරු ජයග්‍රහණයකට සැරසෙයි
    ඇන්ටිගුවාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ දෙවැනි සැසියේ අවසන් භාගයේදී තරගයේ පාලනය නැවතත් තමන් වෙත හරවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ අවසන් කඩුලු දෙකත් ඉක්මනින් දවාගෙන පළමු […]
  • දිමන්ත සහ ගිම්හාන් එකතුව ශ්‍රී ලංකාවට ජය ගෙනෙති
    ආරම්භක පිතිකරු දිමන්ත මහවිතානගේ නොදැවුණු ලකුණු 155ක විශිෂ්ට ඉනිමත්, වමත් වේගපන්දු යවන ගිම්හාන් මෙන්ඩිස්ගේ කඩුලු 5ක දස්කමත් හේතුවෙන් ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee