slc
logo
Home   |    News
අගෝස්තු 18, 2026
ශ්‍රී ලංකා යූත් ලීග් U17 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 20දා ඇරඹේ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 20 වැනිදා ආරම්භ වීමට නියමිතය. කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය, මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ජාතික මට්ටමේ තරග අත්දැකීම් සමඟ ඔප් නංවාලීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

තරගාවලියේ මූලික වටයේ තරග අගෝස්තු 20, 21, 23, 24 සහ 26 යන දිනවලදී පැවැත්වෙන අතර, අවසන් පූර්ව වටයේ තරග අගෝස්තු 27 වැනිදා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය අගෝස්තු 29 වැනිදා පැවැත්වේ.

කොළඹ උතුර කණ්ඩායමේ නායකත්වය සඳහා නම් කර ඇත්තේ කවිත් ද සිල්වා වන අතර, කොළඹ දකුණ කණ්ඩායමේ නායකත්වය ස්ටීවන් පීරිස් දරයි. දඹුල්ල කණ්ඩායම මෙහෙයවන්නේ අමල් පෙරේරා වන අතර, මහනුවර කණ්ඩායමේ නායකයා ලෙස චනුල් කොඩිතුවක්කු නම් කර තිබේ. ගාල්ල කණ්ඩායම දේවපතිරාජ විදුහල නියෝජනය කරනු ලබන සඳරු මල්ෂාන් විසින් මෙහෙයවනු ලබයි.

කොළඹ උතුර සංචිතයට මාරිස් ස්ටෙලා, නාලන්ද, ඉසිපතන, මහානාම, ලයිසියම් ජාත්‍යන්තර, ශාන්ත ජෝෂප්, ශාන්ත අන්තෝනි, ආනන්ද, මැසනොද්, වෙස්ලි සහ කේරි ඇතුළු පාසල් නියෝජනය කරන ක්‍රීඩකයන් ඇතුළත්ය. කොළඹ දකුණ සංචිතය ශාන්ත තෝමස්, රාජකීය, ආනන්ද ශාස්ත්‍රාලය, ශාන්ත සෙබස්තියන්, ශාන්ත පීතර, ඩී.එස්. සේනානායක, ධර්මපාල සහ ශ්‍රී සුමංගල ඇතුළු පාසල්වල දක්ෂයන්ගෙන් සමන්විත වේ.

දඹුල්ල කණ්ඩායමට අනුරාධපුර මැදි මහ විදුහල, මලියදේව, ශාන්ත ආනා, යාපනය හින්දු, ජෝශප් වාස්, රාජකීය පොළොන්නරුව, ශාන්ත ජෝන් යාපනය සහ ශාන්ත ඇන්ඩෘස් පුත්තලම ඇතුළු පාසල්වල ක්‍රීඩකයන් එක්ව සිටින අතර, මහනුවර කණ්ඩායමට ධර්මරාජ, ශාන්ත අන්තෝනි, ත්‍රිත්ව, කිංග්ස්වුඩ්, විද්‍යාර්ථ සහ ශාන්ත සිල්වෙස්තර විදුහල්වල ක්‍රීඩකයන් ඇතුළත් වේ.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේදී සෑම කණ්ඩායමකටම තරග 4 කට ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. අගෝස්තු 20 වැනිදා තරගාවලිය ආරම්භ කරමින් කැන්ඩි කණ්ඩායම ගාල්ලට එරෙහිවත්, කොළඹ උතුර කොළඹ දකුණට එරෙහිවත් තරග වදින අතර, එම තරග සමාධි සහ සාලියපුර ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

අගෝස්තු 21 වැනිදා දඹුල්ල–කොළඹ දකුණ සහ කැන්ඩි–කොළඹ උතුර තරග පැවැත්වෙන අතර, අගෝස්තු 23 වැනිදා කොළඹ දකුණ–කැන්ඩි සහ ගාල්ල–දඹුල්ල තරග පැවැත්වීමට නියමිතය. අගෝස්තු 24 වැනිදා ගාල්ල–කොළඹ උතුර සහ දඹුල්ල–කැන්ඩි තරග පැවැත්වෙන අතර, මූලික වටයේ අවසන් දිනය වන අගෝස්තු 26 වැනිදා කොළඹ උතුර–දඹුල්ල සහ කොළඹ දකුණ–ගාල්ල තරග පැවැත්වේ.

ඉන් අනතුරුව අගෝස්තු 27 වැනිදා අවසන් පූර්ව තරග දෙක පැවැත්වෙන අතර, තරගාවලියේ ශූරයන් තීරණය කරන අවසන් මහා තරගය අගෝස්තු 29 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රීඩක සංවර්ධන වැඩසටහන යටතේ අනාගත ජාතික ක්‍රීඩකයන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට උසස් මට්ටමේ තරග අත්දැකීම් ලබාදීමට මෙවැනි යූත් ලීග් තරගාවලි වැදගත් වේ. දිවයිනේ ප්‍රමුඛ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් එකම වේදිකාවකට ගෙන එන මෙවර තරගාවලිය ද අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂයන් හඳුනාගැනීමේ තවත් වැදගත් පියවරක් වනු ඇත.

අවසන් වතාවට පැවැති අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලිතුන් සෙනුජගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු කණ්ඩායම සමත්වූ අතර රෙහාන් පීරිස්ගේ යුත් කොළඹ දකුණ පිල අනුශූරතාවට පත්විය.

කොළඹ උතුර – කවිත් ද සිල්වා(මාරිස්ටෙලා විද්‍යාලය-මීගමුව),  ගෙවින් සදෙස් (නාලන්ද විද්‍යාලය), යුවෙන් ද සිල්වා (ඉසිපතන විද්‍යාලය), විහඟ පෙරේරා (මහානාම විද්‍යාලය), සෙනුක් ජයවර්ධන (ලයිසියම් ජාත්‍යන්තර), චේතින කාවින්ද (ශාන්ත ජෝෂප් විද්‍යාලය), හෆීස් ජුන්කීර් (ශාන්ත අන්තෝනි විද්‍යාලය), පාමෝද දල්පදාදු (ශාන්ත ජෝෂප් විද්‍යාලය), හිමිර කුඩාගම (ආනන්ද විද්‍යාලය), බිපුන් අල්විස් (මැසනොද් විද්‍යාලය), අඩයන් සෙයින් (වෙස්ලි විදුහල), අකීද් ඔසේන් (කේරි විදුහල), තිසංග පෙරේරා (ශාන්ත ජෝෂප් විද්‍යාලය), කුළුණු තෂ්මික (ශ්‍රී පියරතන විද්‍යාලය), මොවිඳු සෙනුල් (ලයිසියම් ජාත්‍යන්තර) , තුවාන් රශීඩ් (කේරි විදුහල)


කොළඹ දකුණ – ස්ටීවන් පීරිස් (නායක – ශාන්ත තෝමස් විද්‍යාලය), මෙතුක ගුණරත්න (ශාන්ත තෝමස් විද්‍යාලය), මියුරු බණ්ඩාර (D.S සේනානායක විද්‍යාලය), රෙෂොන් සොලමන්ස් (ශාන්ත තෝමස් විද්‍යාලය), චේනුක දොඩංගොඩ (ආනන්ද ශාස්ත්‍රලය කෝට්ටේ), පතිව් වෙහාන් (ශාන්ත සෙබස්තියන් විද්‍යාලය), සෂිදු සිල්වා (ශාන්ත පීතර විද්‍යාලය), රනුද රණසිංහ (රාජකීය විද්‍යාලය), මහිරු කොඩිතුවක්කු (රාජකීය විද්‍යාලය), අදීශ ලක්ෂාන් (ශාන්ත සෙබස්තියන් විද්‍යාලය), ගගන් ගමගේ (රාජකීය විද්‍යාලය), සනුග දුල්මික (ධර්මපාල විද්‍යාලය), මෙතුම් ප්‍රනාන්දු (ශ්‍රී සුමංගල විද්‍යාලය), නවීනු ප්‍රනාන්දු (ශාන්ත සෙබස්තියන් විද්‍යාලය), තාරුක සමින්දිත් (තිස්ස මැදි මහ විදුහල), දුෂේන් උඩවෙල (උප නායක – රාජකීය විද්‍යාලය)

දඹුල්ල – අමල් පෙරේරා (නායක – ජෝසප් වාස් විද්‍යාලය වෙන්නප්පුව), දහම් සෙනෙවිරත්න (අනුරාධපුර මැදි මහ විදුහල), සෙනුල ඉඳුවර (මලියදේව විද්‍යාලය-කුරුණෑගල), බිනුර දෙනුවන් (ශාන්ත ආනා විද්‍යාලය), බාලමුරලිදරන් අනිෂ් (යාපනය හින්දු විද්‍යාලය), යසිත් කරුණාරත්න (ජෝශප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව), ටෙරාන් සචින් (ශාන්ත ආනා විද්‍යාලය කුරුණෑගල), ඒකේන් අමරජීව (මලියදේව විද්‍යාලය), දිසස් බණ්ඩාර (මාතලේ ජාත්‍යන්තර පාසල),  මහීෂා ඉඳුරංග (රාජකීය විද්‍යාලය පොළොන්නරුව), උදයකුමාර් ජෝන් ෂෙනන් (ශාන්ත ජෝන් විද්‍යාලය යාපනය), කලිඳු සචින් (ශාන්ත ඇන්ඩෘස් විද්‍යාලය පුත්තලම), චමෝද් ප්‍රභාෂ (ශාන්ත ආනා විද්‍යාලය), තේජාන් බණ්ඩාර (උප නායක – පොළොන්නරුව රාජකීය විද්‍යාලය), සස්මිත චමෝද් (රාජකීය විද්‍යාලය – පොලොන්නරුව), නේෂාද් වීරසේකර (ශාන්ත ආනා විදුහල)

ගාල්ල – සඳරු මල්ෂාන් (නායක – දේවපතිරාජ විදුහල – රත්ගම),ලසිරි ලක්දිනූ (ශාන්ත සර්වේෂස් විදුහල), හිරුන් මතීෂ (පී. ද එස්. කුලරත්න විදුහල), නිසිත් තේජව (දේවානන්ද විදුහල – අම්බලන්ගොඩ), ගෙසඳු බිසස් (මහින්ද විදුහල – ගාල්ල), විනුද රවිෂාන් (ශාන්ත ඇලෝස්යස් විදුහල – ගාල්ල), විමුක්ති හේරත් (බදුල්ල මැදි මහ විදුහල) ලිනුවර සත්විදූ (දේවපතිරාජ විදුහල – රත්ගම), යොමිරු සස්වින් (ශාන්ත තෝමස් විදුහල – මාතර), මනිත රාජපක්ෂ (මහින්ද විදුහල – ගාල්ල), තරුන් වනසිංහ (ශාන්ත තෝමස් විදුහල – බණ්ඩාරවෙල), චෙනුල් මින්ලක (දෙබරවැව ජාතික පාසල), රවීන් සචින්ත (ශාන්ත තෝමස් විදුහල – මාතර), ගයුක කවිශ්ක (රිච්මන්ඩ් විදුහල – ගාල්ල), සසිඳු ඩිලක්ෂිත (ශාන්ත ඇලෝසියස් විදුහල – රත්නපුර),  තොඒන් හෙලික (මහින්ද විදුහල – ගාල්ල)

මහනුවර – චනුල් කොඩිතුවක්කු (නායක – කිංග්ස්වුඩ් විදුහල), චනුත් ජයසිංහආරච්චි (ධර්මරාජ විදුහල), යෙනුල හේවාවිතාරණ (ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට) සිසල් හේමක (ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට), කේෂාන් යෝගරාජ් (ත්‍රිත්ව විදුහල), සවිත විතානගේ (ත්‍රිත්ව විදුහල), ඉමේෂ් දිසානායක (ත්‍රිත්ව විදුහල),  ගෝපාල්රාජ සන්තෝෂ් (ත්‍රිත්ව විදුහල), ලකිඳු මෙවුල් (විද්‍යාර්ථ විදුහල), සචින්ත ගුණසේකර (ත්‍රිත්ව විදුහල), ශසිත් බණ්ඩාර (ධර්මරාජ විදුහල), සනිතු ගුණතිලක (උප නායක – ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට), සතිර දෙනුවන් (ශාන්ත අන්තෝනි විිදුහල – කටුගස්තොට), යුමල් එගොඩගේ (ත්‍රිත්ව විදුහල), මන්දිල් ගුණවර්ධන (ධර්මරාජ විදුහල), නිතිල් හේරත් (ශාන්ත සිල්වෙස්තර විදුහල)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee