slc
logo
Home   |    News
අගෝස්තු 13, 2026
කුසල් වෙනුවට දික්වැල්ල සංචිතයට

sinhala editor

ඉන්දියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 15 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ආබාධ තත්ත්වයන් හේතුවෙන් නිත්‍ය පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් මෙම සංචිතයට ඇතුළත් නොවන අතර, ඔවුන් වෙනුවට නිශාන් මධුෂ්ක සහ නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැඳවා ඇත.

මැණික්කටුවේ ඇති වූ ආබාධයක් සඳහා ශල්‍යකර්මයකට භාජනය වීමෙන් අනතුරුව තවදුරටත් සුවය ලබමින් සිටින පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් තරගය අහිමි වන අතර, ඉන්දියාවට එරෙහිව මෑතකදී පැවැති පුහුණු තරගයේදී ඉනිම් දෙකේදීම අර්ධ ශතක රැස් කරමින් කැපී පෙනුණු නිශාන් මධුෂ්ක ඔහු වෙනුවට සංචිතයට ඇතුළත් කර තිබේ.

මේ අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දකුණු පාදයේ කලවා පිටුපස ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් ද පළමු ටෙස්ට් තරගයට සහභාගි නොවේ. ඔහු වෙනුවට අත්දැකීම් බහුල කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.

දික්වැල්ල අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ නවසීලන්තයට එරෙහිව වන අතර, වසර කිහිපයකට පසුව ඔහු නැවතත් ජාතික ටෙස්ට් කණ්ඩායමට එක්ව සිටී.

මේ අතර, 25 හැවිරිදි දකුණත් පිට දඟ පන්දු යවන කේෂර නුවන්ත පළමු වරට ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි නුවන්ත, ඉන්දියාවට එරෙහිව කොළඹ එන්.සී.සී. පිටියේ පැවැති පුහුණු තරගයට ද ක්‍රීඩා කළ අතර, පසුගිය කාලය පුරා දැක්වූ දස්කම් හේතුවෙන් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ. පළමු පෙළ තරග 15කට ක්‍රීඩා කර ඇති නුවන්තා එහිදී කඩුලු 64ක් දවාගෙන ඇති අතර, ඔහුගේ පළමු පෙළ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 22.12ක් වේ.

ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියේ ද වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර තිබූ ඉසිත විජේසුන්දර සහ කසුන් රාජිත මෙවර සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඔවුන් වෙනුවට දිල්ෂාන් මධුෂංක සහ මිලාන් රත්නායක කැඳවා තිබේ.

වමත් වේග පන්දු යවන දිල්ෂාන් මධුෂංක 2023 වසරේ පාකිස්තානයට එරෙහිව සිය එකම ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව නැවතත් ටෙස්ට් සංචිතයට පැමිණ සිටී. ඔහුගේ ඇතුළත් වීම ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියට අමතර වේගයක්, විවිධත්වයක් මෙන්ම වමත් වේග පන්දු යවන්නෙකුගේ විකල්පයද ලබා දෙයි.

ඉන්දියාවට එරෙහි මෙම ටෙස්ට් තරගාවලිය තරග දෙකකින් සමන්විත වන අතර, එය 2025–2027 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතා චක්‍රයට අයත් වේ.

පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය

  1. ධනංජය ද සිල්වා – නායක
  2. කමිඳු මෙන්ඩිස් – උපනායක
  3. ලහිරු උදාර
  4. නිශාන් මධුෂ්ක
  5. දිනේෂ් චන්දිමාල්
  6. පසිඳු සූරියබණ්ඩාර
  7. සොනාල් දිනූෂ
  8. නිරෝෂන් දික්වැල්ල
  9. රමේෂ් මෙන්ඩිස්
  10. ප්‍රභාත් ජයසූරිය
  11. කේෂර නුවන්තා
  12. මිලාන් රත්නායක
  13. අසිත ප්‍රනාන්දු
  14. ලහිරු කුමාර
  15. විශ්ව ප්‍රනාන්දු
  16. දිල්ෂාන් මධුෂංක

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee