slc
logo
Home   |    News
ඔක්තෝබර් 11, 2026
සසිත් බණ්ඩාරගේ නොදැවුණු ලකුණු 96න් ශ්‍රී ලංකා යොවුන් පිලට ශක්තිමත් ආරම්භයක්

sinhala editor

පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සමඟ මුල්තාන්හිදී පැවැත්වෙන තුන් දින ක්‍රිකට් තරගයේ පළමු දිනය (09 වැනිදා) නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 277ක් රැස් කරගෙන සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ පාකිස්තාන නායකයාගේ තීරණයට අභියෝගයක් එල්ල කළ මැද පෙළ පිතිකරු සසිත් බණ්ඩාර, දිනය නිමා වන විට පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 96ක් රැස් කර සිටියේය. ශතකය පෙනෙන මානයට පැමිණ සිටින සසිත්ගේ ඉනිම ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට මහත් පිටිවහලක් විය.

සසිත්ට අනගි සහායක් ලබා දුන් රවීන් සචින්ත පන්දු 60කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 38ක් රැස් කළේය. ඒ අනුව නව වැනි කඩුල්ල වෙනුවෙන් දෙදෙනා එක්ව නොබිඳුණු ලකුණු 79ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් අවසානයක් ලබා දීමට සමත් වූහ.

මීට අමතරව චෙනුක දොඩංගොඩ පන්දු 50කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ද, ආරම්භක පිතිකරු මෙතුක ගුණරත්න පන්දු 40කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ද රැස් කළහ.

පාකිස්තාන පන්දු යවන්නන් අතරින් මොහොමඩ් යාකූබ් කහාන්, මොහොමඩ් සයිම් සහ මොහොමඩ් ඉහ්සාන් කඩුලු 2 බැගින් දවා ගත්හ. අබ්දුල්ලා අහමඩ් බට් ද එක් කඩුල්ලක් දවා ගත්තේය.

ඒ අනුව පළමු දිනය අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 277ක් රැස් කරගෙන සිටින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ, දෙවැනි දිනයේදී සිය ඉනිම තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 277යි (පන්දුවාර 83) – සසිත් බණ්ඩාර නොදැවී 96, රවීන් සචින්ත නොදැවී 38, චෙනුක දොඩංගොඩ 26, මෙතුක ගුණරත්න 22, මොහොමඩ් යාකූබ් කහාන් 33/2, මොහොමඩ් සයිම් 45/2, මොහොමඩ් ඉහ්සාන් 55/2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar