slc
logo
Home   |    News
නොවැම්බර් 21, 2026
දෙවැනි දිනයේදීත් ශතක හතරක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (20) දිනයේදී පිතිකරුවන් අතර කැපී පෙනෙමින් ප්‍රියමාල් පෙරේරා, සම්මු අශාන්, රමින්ද විජේසූරිය සහ දුල්නිත් සිගේරා ශතක වාර්තා කිරීමට සමත් වූහ.

දිනයේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රියමාල් පෙරේරා, බදුරලිය ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 228කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 151ක් රැස් කළේය. ඔහුට අනගි සහායක් ලබාදුන් තිලකරත්න සම්පත් පන්දු 169කදී හතරේ පහර 18ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 169ක් රැස් කළේය.

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය වෙනුවෙන් සම්මු අශාන් ලකුණු 136ක් රැස් කළේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පන්දු 241කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟිනි. එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ අටවැනි ශතකය ලෙස ද සටහන් විය.

මේ අතර, බීආර්සී කණ්ඩායමේ රමින්ද විජේසූරිය කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 185කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 109ක් රැස් කළේය. සීසීසී කණ්ඩායමේ දුල්නිත් සිගේරා ද පල්ලෙකැලේදී පැවැති තරගයේදී දෙමළ යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 149කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තේය.

ශතකලාභීන්ට අමතරව නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජයේ සුමින්ද ලක්ෂාන් (නොදැවී 50), පොලිස් ක්‍රීඩා සමාජයේ නිපුන් ප්‍රේමරත්න (නොදැවී 79), කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජයේ ගයාන් මනීෂාන් (නොදැවී 74), මුවර්ස් ක්‍රීඩා සමාජයේ සිතාර ගිම්හාන් (61), ජනිශ්ක පෙරේරා (50), සොහාන් ද ලිවේරා (54) සහ රමේෂ් මෙන්ඩිස් (නොදැවී 67) අර්ධ ශතක වාර්තා කළහ.

එමෙන්ම සීසීසී කණ්ඩායමේ රශ්මික හිරුෂාන් (53) සහ චමිඳු විජේසිංහ (50), පානදුර ක්‍රීඩා සමාජයේ විශ්ව චතුරංග (57), ශාලිත් ප්‍රනාන්දු (68) සහ රවීන් යසස් (53) ද අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

නුගේගොඩ ක්‍රීඩා සමාජය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 618 (පන්දුවාර 158.3) – ලොහාන් ද සොයිසා 144, අක්‍රම් මුතාලිබ් 136, සම්මු අශාන් 136, කෙවින් පෙරේරා 63, අනුක් ප්‍රනාන්දු 40, සුමින්ද ලක්ෂාන් නොදැවී 50, කවිඳු පතිරත්න 101/3, ශක්ති උදාර 167/3.

එන්.සී.සී. කණ්ඩායම පළමු ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 46 (පන්දුවාර 14) – ජීවක සශීන් 21, ගවිරු සෙන්හස් නොදැවී 20.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

පොලිස් ක්‍රීඩා සමාජය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 612 (පන්දුවාර 167) – තිලකරත්න සම්පත් 169, ප්‍රියමාල් පෙරේරා නොදැවී 151, දුලාශ් උදයංග 98, නිපුන් ප්‍රේමරත්න නොදැවී 79, භානුක රාජපක්ෂ 39, සුපුන් මදුශංක 39, මාලින්ද පුෂ්පකුමාර 170/2, චානක රුවන්සිරි 124/2.

බදුරලිය ක්‍රිකට් සමාජය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 23 (පන්දුවාර 14) – නිපුන් ප්‍රේමරත්න 09/2.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

බීආර්සී කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 336 (පන්දුවාර 115.2): රමින්ද විජේසූරිය 109, ප්‍රමෝද් මදුවන්ත 58, හෂාන් දුමිඳු 52, සුමින්ද ප්‍රනාන්දු 30, නිශාන් පීරිස් නොදැවී 28, චාමිකර එදිරිසිංහ 101/4, සමීර සඳමාල් 42/3.

කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 176 (පන්දුවාර 64) – ගයාන් මනීෂාන් නොදැවී 74, දුනිත් ජයතුංග 46, අභිෂේක් ලියනාරච්චි 45.

කොළඹ එන්සීසී ක්‍රීඩාංගණයේදී

එස්එස්සී – පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 244 (පන්දුවාර 69.5): මල්ෂ ප්‍රනාන්දු නොදැවී 71, ශෙවෝන් ඩැනියෙල් 41, දසුන් ශානක 41, චරිත් අසලංක 30, සංතුෂ් ගුණතිලක 45/2, රමේෂ් මෙන්ඩිස් 65/4, දුවිඳු තිලකරත්න 47/3.

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 345 (පන්දුවාර 106) – රමේෂ් මෙන්ඩිස් නොදැවී 67, සිතාර ගිම්හාන් 61, සොහාන් ද ලිවේරා 54, ජනිශ්ක පෙරේරා 50, රවිශාන් ද සිල්වා 30, ෂෙහාන් ප්‍රනාන්දු 28, සදීර සමරවික්‍රම 20, සංතුෂ් ගුණතිලක නොදැවී 20, දුනිත් වෙල්ලාලගේ 81/2, දසුන් ශානක 55/2.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 179 (පන්දුවාර 51.5): මිනෝද් භානුක 45, නවෝද් පරණවිතාන 44, තෙවිඳු දික්වැල්ල 33, විශ්ව ප්‍රනාන්දු 50/3, දිලුම් සුදීර 39/4.

සීසීසී – පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 427 (පන්දුවාර 97.2) – රිත් සුදීන 110, දුල්නිත් සිගේරා 109, රශ්මික හිරුෂාන් 53, චමිඳු විජේසිංහ 50, සහන් කෝසල 45, දුමිඳු සෙව්මිණ 103/2, සිතුක ගුණවර්ධන 55/4.

ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 31 (පන්දුවාර 9).

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 309 (පන්දුවාර 86) – ලහිරු මදුශංක 119, කසුන් අබේරත්න 80, ශානික්‍ය දේශප්‍රිය 40, තරින්ද නිර්මාල් 30, අසංක මනෝජ් 80/4, දුශාන් විමුක්ති 55/3.

පානදුර ක්‍රීඩා සමාජය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 205 (පන්දුවාර 80) – ශාලිත් ප්‍රනාන්දු 68, විශ්ව චතුරංග 57, රවීන් යසස් 53, තරින්ද නිර්මාල් 40/2.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar